car parking parking movie parking near me parking game how to pronounce parking parking in hindi parking lot

රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ වැන් රථයක් නතර කල විට තමන්ට බැනවැදි නිතිමය පියවර ගන්නා බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති.

මෙසේ රථ වාහන නතර කිරිම තහනම් යනුවෙන් පුවරු යොදා ඇති ස්ථානවල සමහර ලොරි රථ පැය ගනන්  නතරකර බඩු බැම් හා පැටවිම් සිදු කරන බවත් එම ලොරි රථ එම තහනම් ප්‍රදේශයේ නතර කර ඇති අයුරු දැක දැක සමහර පොලිස් නිලධාරින් නොදැක්කාසේ යන බවද එම පිරිස් වැඩි දුරටත්  පවසති.

රථ වාහන නිති ක්‍රියාත්මක වනුයේ එක් එක් පුද්ගලයන්ගේ තරා තිරම් මතද යන්න ප්‍රශ්නයක්ව පවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල ඉහල බලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts