වැඩිකල වැටුප වතු කම්කරුවන්ට ලැබෙනවාද?

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල බව පැවසුවද එම වැඩිකල වැටුප වතු කම්කරුවන්ට මේ වන තෙක් නොලැබෙන බව සමාජ සංවර්ධණ පදනමේ කැදවුම්කරු ඒ. මුත්තුලිංගම් මහතා පවසයි.
ජිවත් විමට චෙතනයක් යන මැයෙන් හැටන්හි පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි මේ බව පැවසු මුත්තුලිංගම් මහතා එහිදි මෙසේද පවසන ලදි.
අද වන විට තේ මිල ඉහල ගිහින් තියෙන්නේ එම තත්වයන් මත වතු සමාගම්වලට මෙම වැඩි කල වැටුප ලබා දිමට හැකතියාව පවතිනවා එත් මේ වැවිලි සමාගම් පවසන්නේ වතු පාඩුයි වතු පාඩුයි කියලායි මෙය තනිකර බොරුවක්.
අද සමහර වෘත්තිය සමිති කියනවා මේ වතු කොටස් කර වතු කම්කරුවන්ට ලබා දිය යුතුයි කියලා එත් එය කවදා සිදුවෙයිද කියන්න බැහැ මෙය ප්‍රධාන පෙලේ රැවටිමක් මොකද මේ ඉඩම් කොටස් දුන්න කියන්න එවිට ඒ අයට පොහොරවල මුදල් දෙන්නේ කවුද නඩත්තු කරන්නේ කවුද මේ සදහා යෙදවිමට වතු කම්කරුව සතුව මුදල් තියෙනවාද.
2015 ඉල්ලපු රුපියල් දාහේ වැටුප තමයි 2021 ලැබුනේ 2015 එදා හාල් මිල කියද එය 2021 කියද අද කියද දිනෙන් දින බඩු මිල ඉහල යනවා එත් මේ වතු කම්කරු වැටුප වැඩි වන්නේ නැහැ මෙය විශාල ප්‍රශ්නයක් එදා ඩොලර් එක කියද අද ඩොලර් එක කියද මේ තේ කුඩු විකිනිමෙන් ඩොලර්වලින් ලැබෙන්නේ ඒ අනුව අද ඩොලරයේ මිල බලන විට කොහොද වතු පාඩුයි කියන්නේ.
මහචාර්ය එස්. විජේචන්ද්‍රන් මහතා අද සමන්‍යයෙන් හතර දෙනකුගෙන් පවුලකට ජිවත් විම සදහා රුපියල් 89,897.71ක් පමන අවශ්‍ය වෙනවා එත් වතු කම්කරු පවුලකට මේ තරම් වැටුපක් ලැබෙන්නේ නැහැ එවිට කොහොමද මේ අය ජිවත් වෙන්නේ.
මේ වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් දාහාක මුදලක් දින 21ක් වැඩ කලත් ලැබෙන්නේ රුපියල් විසිඑක් දාහාක් වැනි මුදලක් පවුලේ දෙදෙනකු වැඩ කල විට අමතර දළු කැඩුවත් ඕනනම් රුපියල් පනස් දාහාක් වැනි උපරිම වැටුපක් ගන්න පුලුවන් එයින් ඊ.ටි.එෆ්. ඊ. පී. එෆ්. අඩුවුනාම කියද ලැබෙන්නේ එවිට අනික් මුදල හොයා ගන්න ක්‍රමය මොකක්ද කරන්න තියෙන්නේ දවසට තුන් වේල කන එක දෙවේලට හෝ එක් වේලකට සිමා කිරිමත් තම දරුවන්ගේ අධ්‍යාපනය නැවැත්විමත් නේද.
මෙම තත්වයන් මත මේ වන විට වතුකරයේ මන්දපෝෂනය දැඩි ලෙස ඉහල ගිහින් තියෙනවා වතුකර දරුවන්ගේ අධ්‍යාපනය අතර මග නතර විමෙන් එම දරුවන්ට කඩවල ගෙවල්වල මෙහෙකාර සේවය කරන්න සිදු වෙලා තියෙනවා මේ තුලින් වතුකර ජනතාවගේ අනාගතය කඩා වැටිමේ අවදානමකට ලක්ව තියෙනවා මේ සදහා පිලියම් අවශ්‍යයි.
මේ වතු කම්කරුවන්ද මේ රටේ පුරවැසියන් එසේ නම් මේ රටේ අන් අයට වගේම මේ අයටත් ජිවත් විමට සරිලන වැටුපක් ලබා දිමට පියවර ගත යුතුයි එමෙන්ම මේ වතුකර ජනතාව මේ රටට විදෙස් විනිමය ලබා දිමට හවුල්වන ප්‍රධාන පෙලේ පිරිසක් මේ පිලිබදවත් අදාල බලධාරින් සොයා බැලිය යුතුයි.
අද තේ ඉල්ලුම ඉහල ගියත් එම ඉල්ලුමට සරිලන තේ නිස්පාදය අඩු වෙලා තියෙන්නේ එයට හේතුව අද වන විට සමහර වතුවල අවශ්‍ය පිරිස් නොමැති විමයි එයට හේතුව තමයි මේ වතු කම්කරුවන්ට නිසි වැටුපක් නොමැති විම මේ වතු කම්කරුවන්ට නිසි වැටුපක් ලබා දෙනවානම් මේ රටේ තේ නිස්පාදය තව දුරටත් වැඩි කර ගත හැකියි ඒ තුලින් මේ රටට ලැබෙන විදෙස් විනිමයද වැඩි කර ගත හැකියි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….