විජයග්‍රහණයට වසර 15ක් සපිරෙයි

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ.

2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද සමරනු ලබවි.

පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය.තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටින බව අප සියලුදෙනා දන්නා කරුණක්.

රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේ සාමාන්‍ය සිවිල් වැසියෝ රැසක් මැරුම් කෑ අතර එදා බස් රථවල, දුම්රියවල, බැංකුවල, මඟතොටේ බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසකට සිය දිවි අහිමි විය.එසේම දේපළ රාශියක් විනාශ වූවා පමණක් නොව රටේ සංවර්ධනයට ද දැඩි බාධා එල්ල විය.

ඒ අනුව 15වැනි වරට පැවැත්වෙන රණවිරු දිනය මැයි 19 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවයි වාර්තා වෙයි.

රණවිරු විජයග්‍රහණයට වසර 15ක් සපිරෙන මොහොතක එම විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයෝ අපගේ වීරෝදාර ආරක්ෂක හමුදා රණවිරුවෝයි.ඔවුන්ගේ ජීවිත, ලේ, අත් පා ඇතුළු ශරීරාංග කොටස් කැපකර මව්බිමට ඔවුන් ලබාදුන් මෙම උතුම් විජයග්‍රහණය වෙනුවෙන් මුළුමහත් ජාතියේම උත්තම ගෞරවාචාරය අභීත රණවිරුවන් වෙත පුදකර සිටිමු.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….