oil

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද උපදෙස් දී තිබේ .

 

Similar Posts