පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය රජය සහ පුර­වැ­සි­යන් අතර පාල­මක් ලෙස කට­යුතු කරන බවත් විදේශ ප්‍රති­පත්ති සම්පා­ද­නයේ දී ජන­තා­වගේ අව­ශ්‍යතා සහ අපේක්ෂා සැල­කි­ල්ලට ගත­යුතු බවත් කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ගැටුම් වැළැ­ක්වීමේ සහ විස­ඳීමේ මෙව­ල­මක් ලෙස මෑත කාලයේ දී පාර්ලි­මේන්තු රාජ්‍ය­තා­න්ත්‍රික භාවය ප්‍රමු­ඛ­ත්ව­යට පත්ව ඇති බව ද කථා­නා­ය­ක­ව­රයා ප්‍රකාශ කළේය.

ජිනී­වාහි පැවැති අන්තර් පාර්ලි­මේන්තු සංග­මයේ 148 වැනි සමු­ළු­වේදී කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා පසු­ගි­යදා මේ බව ප්‍රකාශ කළේය. ව්‍යව­ස්ථා­දා­යක මට්ට­මින් ජාතීන් අතර සංවා­ද­යට සහ අව­බෝ­ධ­යට පහ­සු­කම් සැල­සීම හරහා පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සහ­ජී­ව­න­යෙන් යුතු ලොවක් නිර්මා­ණය කිරී­මට දායක වන බව කථා­නා­ය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය. එමෙන්ම පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැද­ගත් මෙහෙ­ව­රක් ඉටු කරන බවද කථා­නා­ය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. තව­මත් පුළුල් ලෙස අධ්‍ය­ය­නය කර නොමැති වුවද, මෑත කාලීන විදේශ කට­යුතු සහ ජාත්‍ය­න්තර සබ­ඳ­තා­ව­ලට අදාළ ගැට­ලු­ව­ලදී පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වයේ මැදි­හ­ත්වීම වර්ධ­නය වී ඇති බව ද අබේ­ව­ර්ධන මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ අත්දැ­කීම් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ කථා­නා­ය­ක­ව­රයා 1949 පෙබ­ර­වාරි 09 වැනි දින ශ්‍රී ලංකාව අන්තර් පාර්ලි­මේන්තු සංග­ම­යට එක් වූ බව පෙන්වා දුන්නේය. එතැන් පටන් ශ්‍රී ලංකාව අන්තර් පාර්ලි­මේන්තු සංග­මයේ සමුළු සඳහා ක්‍රියා­කා­රීව සහ­භාගී වූ අතර ශ්‍රී ලංකා­වට සම්ම­න්ත්‍රණ සහ වැඩ­මුළු කීප­යක් පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබුණු බව සිහි­පත් කළේය. තවද, ජාත්‍ය­න්තර සබ­ඳතා පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට සහ විදේශ කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශ­යීය උප­දේ­ශක කාරක සභා­වට විදේශ ප්‍රති­ප­ත්ති­වල සියලු අංශ විම­ර්ශ­නය කිරී­ම­ටත්, නීති සම්පා­දන කට­යුතු මෙන්ම විදේශ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන දෙපා­ර්ත­මේන්තු සහ ආය­ත­න­වල විය­දම් ඇස්ත­මේන්තු පරීක්ෂා කිරී­ම­ටත් පුළුල් බල­යක් දී ඇති බවද කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

මෙහිදී පැවැති ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ මානව හිමි­කම්, සාමය සහ ජාත්‍ය­න්තර ආර­ක්ෂාව, තිර­සාර සංව­ර්ධ­නය යන අංශ පිළි­බඳ ස්ථාවර කමිටු සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­ද­යන් සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සහ­භාගි වෙමින් සිය අත්දැ­කීම් හා දැනුම හුව­මාරු කර ගැනීම සිදු­විය. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේ­සිංහ, සුමිත් උඩු­කු­ඹුර, මංජුලා දිසා­නා­යක සහ පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහත්ම මහ­ත්මී­න්ගෙන් මේ දූත පිරිස සම­න්විත විය.

Similar Posts