විසිතුරු මත්ස්‍ය වගාවට හොඳ ඉල්ලුමක්!

fish

විසිතුරු මත්ස්‍ය  අපනයනයෙන් ලංකාව 7 වන ස්ථානයේ පසුවන බවත් ඉන් අපට හිමි ඩොලර් මිලියන 347ක ප්‍රමාණයෙන් දැනට සියයට 4ක් පමණ වූ ඩොලර් මිලියන 14ක ආදායමක් පමණක් ලබන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ට ආධාර බෙදා දීමේ උත්සවයකට ඊයේ  (09) සවස සහභාගී වෙමිනි. මෙය පොලොන්නරුව චන්ද්‍ර මණ්ඩප ශාලාවේදී පැවැතුණි.

එහි දී විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ඇමතූ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ විසිතුරු මත්‍ස්‍ය  වගා කරුවන් ලියාපදිංචිය ආරම්භ කරලා ඉන්නේ කීයද කියලා බලනකොට අපට මුලින් ම ලැබුණේ 1500ක් විතර නමුත් දැන් 7000ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මම හිතන්නේ තවත් 1500ක් පමණ පිරිසක් කුමක් හෝ හේතුවක් නිසා ලියාපදිංචි නොවී ඉන්නවා ඇති. දැන් ලියාපදිංචි වී ඇති සංඛ්‍යාවෙන් වැඩි ම පිරිස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින්නේ. නමුත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් අපනයනකරුවෝ නෑ. ඒ අය වෙනත් දිස්ත්‍රික්කවල ඉන්නේ.

අද ලෝකයේ විසිතුරු මසුන් ට විශාල ඉල්ලුමක් තිබෙනවා. දැනට අපි ලෝක වෙළද පොලේ 7 වන ස්ථානයේ සිටින්නේ. වැඩියෙන් ම අපනයනය කරන්නේ ජපානය. ඊළගට ඉන්දුනීසියාව, තායිලන්තය,සිංගප්පූරුව,චෙච්නියාව තියෙනවා අපි ඉන්නවා 7 වන තැන. අපට ඩොලර් මිලියන 347ක් උපයන්න පුළුවන්.  7 වෙනියාගේයි පළවෙනියාගේයි ලොකු වෙළදපල පරතරයක් තියෙනවා.

ලෝක වෙළදපලේ ඉල්ලුමෙන් සියයට 4යි අපි සපයන්නේ. ඩොලර් මිලියන 347ක ඉල්ලුමක් තියෙනවා විසිතුරු මත්ස්‍ය වගාව සදහා. නමුත් අපට සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ 2019 වසරේ ගත්තොත් ඩොලර් මිලියන 14ක ආදායමක් පමණයි. ඒකයි අපි සියයට 4යි ආදායම ලබන්නේ කියලා. ඒක ගිය අවුරුද්දේ අපි සියයට 16 කළා. කෝවිඩ් අර් බුදය මැද මේ අවුරුද්දේ අපි එය ගිය අවුරුද්දට සාපේක්ෂව අපි මුල් මාස 8හි සියයට 51කින් වර් ධනය කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 20කට එහා ඉලක්කයක් අපට තියෙනවා. ඒක ප්‍රමාණවත් නෑ

ඔබතමුන්නාන්සේලා හදනවා නම් හොද මාලුවෙක්. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා අපට ලෝකයේ ඉල්ලන මාලු හදන්න ඕන. මම දැක්ක දෙයක් තමයි පොලොන්නරුවේ කාෆ්ලට ගෝල්ඩ් ෆිෂ්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා. කුරුණෑගලින් නුවර එලියෙන් ගන්න පුලුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපට උදව් කරන්න පුළුවන්. ලෝකයේ ඉල්ලන මත්ස්‍ය  විශේෂ හදනවා වගේම ඉහළම ප්‍රමිතියෙන් හදන්න බාල නොකර .ඒ සතුන් ට හොද ආහාර දෙන්නේ නැත්තං පාට එන්නේ නැත්තං ඒකට ඉල්ලුමක් නෑ. අපි තාක්ෂණික සහාය දෙන්නම්. මේ සදහා දේශීය වෙළදපලකුත් තියෙනවා. අපි ඉදිරියේ දී හැම දිස්ත්‍රික්කයකම විසිතුරු මසුන් වෙළද පොලවල් හදන්න .මසුන් නිෂ්පාදනය විතරක් නෙමෙයි ආහාර නිෂ්පාදනය ට ත් අපි ආධාර දෙනවා. අද ලක්ෂයක් ආධාර ලැබෙනවා.

පොලොන්නරුවේ අද එවැනි පිරිස් 297ක් ඉන්නවා. තවත් සංවර්ධනය කරගන්න අය 14ක් ඉන්නවා. ඒ අයට ලක්ෂ 2 හමාරක් දෙනවා.පළවෙනි වාරිකය අද දෙන්නේ වාරික දෙකකින් මුලු මුදලම ලබා දෙනවා.ඒක ණයක් නෙමෙයි ආධාරයක් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හැම දිස්ත්‍රික්කයකම කරන්න බෑ  .ඒ සදහා හොද භූමිය පස වතුර තියෙන්න ඕන. පොලොන්නරුවේ මේක හොදටම කරන්න පුළුවන්. අපි 7 වන තැන ඉන්න එක පළවෙනි තැනට යන්න පුළුවන්.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

kanchana

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….