පසු ගිය 19වන දින ශ්‍රිපාද මහාමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේදි හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය ශ්‍රිපාද මහමළුව වන්දනා කිරිමෙන් පසුව ඔහු ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු බවත්ය.

මෙසේ අතුරු දහන්ව සිටි පුද්ගලයා 24වන සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේ සිටින බවට එම වතුයායේ පිරිසක් පැවසිමෙන් පසුව නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් ගොස් එම පුද්ගලයා රැගෙන විත් ප්‍රශ්න කිරිමේදි තමන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින ශ්‍රිපාද මළුව වන්දනා කල බව මතක බවත් එයින් පසුව සිදුවු දේ පිලිබදව මතකයක් නොමැති බව පැවසු බවද එම නිලධාරියා පැවසිය.

ඉන් අනතුරුව තම මුහුණට වතුර වැනි දෙයක් වැටිමෙන් පසු බලන විට තමන් කැලැවක් තුල සිටි බවත් පසුව එම කැලැවේ දිය පහරක් දිගේ තමන් පැමිනි බව පැවසු බවත් පසුව එම පුද්ගලයාට කිරි පැකට්ටුවක් පානය කිරිමට ලබාදි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය රෝහලට ඇතුලත් කල එම පුද්ගලයා වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ ඔහුගේ තත්වයන් බරපතල නොවන බවත් ඔහු මේ වන විට රෝහලේ නේවාසිකවම ප්‍රථිකාර ලබන බවත්ය.

මෙම පුද්ගලයා පසු ගිය 19වන දින ශ්‍රිපාද උඩ මළුවේ සිට පහලට පැනිමෙන් පසුව ඔහුව සෙවිම සදහා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් පිරිසක් හා නල්ලතන්නිය රිකාටන් පොලිස් වීටශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ශ්‍රිපාද උඩ මළුවේ සිට කබවල ආධාරයෙන් පහලට බැස මෙම පුද්ගලයා සෙවිමේ මෙහෙයුමක් ආරම්භ කලද ඔහු සොයා ගැනිමට නොහැකි විමෙන් එම මෙහෙයුම්ද නතර කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts