ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම තරුණයා ශ්‍රිපාද උඩ මළුවේදි රත්නපුර මාර්ගයෙන් පහාලට බැස එහි ආරක්ෂක වැටෙන් පහලට පැන ඇති බවත් එය උඩ මළුවේ සවිකර ඇති සිසිටිවි කැමරාවක සටහන්ව ඇති බවත්ය.

මෙම තරුණයා සමග පැමිනි දෙදෙනකු මේ පිලිබදව නල්ලතන්නිය පොලිසියට ප්‍රකාශයක් ලබාදිමට පැමිනි බවත් ශ්‍රිපාද උඩ මළුව සිරිපාගම පොලිසියට අයත් බැවින් එම පොලිස් ස්ථානයටද මේ පිලිබදව දැනුම් දෙන ලෙස එම දෙදෙනාට දැනුම් දුන් බවත් මෙසේ අතුරු දහන්ව ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මෙහි නවතම තොරතුරු දැන ගැනිම සදහා 21වන දින උදැසන ලක්ෂපාන යුධ හමුදා කදවුරින් කරන ලද විමසිමකදි එහි නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද උඩ මළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා සෙවිමට ගිය පිරිස මේ වන තෙක් නොපැමිනි බවත් අතුරුදහන්වු අය පිලිබදවද මෙතෙක් කිසිවක් වාර්ථාවි නොමැති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts