ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව දිවි ගමන නිම කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවිය.

වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වනුයේ සහය නිවේදිකාවක් ලෙස ය. වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූවාය.

සුමනා නෙල්ලම්පිටිය මහත්මිය නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරෑන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ “රේඩියෝ සඟරාව” එකළ වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් අතර වූ බව රහසක් නොවේ. ප්‍රවීණ කලාවේදිනී දයා නෙල්ලම්පිටිය ඇයගේ නැන්දනිය යි. නිවේදිකාවක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් ලෙස ද තම දක්ෂතා පෙන්වූ ඇය ජාතික ගුවන්විදුලියේ දක්ෂ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් ද වූවාය.

එසේම සුමනා නෙල්ලම්පිටිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ය. එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට ඇය යළිත් සමත් වූවාය.

ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින් ද සම්භාවනාවට පාත්‍ර වන ඇය හඬින් මෙන්ම රුවින් ද සැම සිත් පුබුදුවාලන ප්‍රසන්න සිනහවකින් සැමවිට සැරසෙන්නට අමතක නොකළ සුන්දර චරිතයකි. සුමනා අක්කා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “උම් අල් ක්වේන්” ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරා වසර පහක් තිස්සේ කළ මෙහෙවර ප්‍රශංසා කටයුතු මෙන්ම වාර්තා සහගත ය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….