ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් වූ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලබනවා.

වසර 73 ක් පුරා තම මෙහෙවර මව්බිම වෙනුවෙන් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තේමා පාඨය වන්නේ “සුරකිමු ලකඹර” යන්නයි.

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය 1951 වර්ෂයේ මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදුවුණා.

පසුව 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පත්වීමෙන් අනතුරුව 1972 මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වූ බව සඳහන්.

Similar Posts