මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත ශා/කේලේයාර් දිය ඇල්ලද මේ වන මලානික තත්වයන්ට පත්ව ඇත.

ඉහල කොත්මලේ ජලාශය ඉදිකිරිමෙන් පසුව මෙම දිය ඇල්ල සදහා ඉහල කොත්මලේ ජලාශය මගින් ජලය නිකුත් කිරිම සිදු කරන අතර මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත එම ජලාශයේ ජල මට්ටමද දැඩි ලෙස පහල බැසිමත් සමග මෙම දිය ඇල්ලට නිකුත් කරනු ලබන ජලය සිමා කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

එම තත්වයන් මත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනය දිනා ගත් මෙම ශා/කේලේයාර් දිය ඇල්ල මේ වන විට මෙසේ මලානික තත්වයන්ට පත්ව ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts