සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්

Transitional Justice and Sustainable Peace

“සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංගණයන් ඇති වුනා. මිනිස්සු මැරුණා. අතුරුදහන් වුනා. 2009 විශාල ඝාතනයන් වුනා.

මේ ව්‍යපෘතිය තුළින් මේ වින්දිතයන්ගේ කතාවන් අපි ජනගත කරන්න බලාපොරොත්තු වුනා. ඒක තමයි මේ වෙබ් අඩවියේ අරමුණ”

නව රජයට දකුණෙන් සහ උතුරෙන් විශාල ජනප්‍රසාදයක් ලැබුණා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔවුන් සියල්ලන්ම එකම අදහසේ ඉන්නවා කියලා. ඔවුන් විවිධ අදහස්වල තමයි ඉන්නේ.

මේ කාලවල් වලදී මිනිස්සුන්ගේ අත්දැකීම් පෙන්වන්න තමයි අපි මේ වෙබ් අඩවිය හදලා තියෙන්නේ.”

Transitional Justice and Sustainable Peace

ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා මේ අදහස් පැවසුවේ, යුක්තිය සහ වගවීම සඳහා එක්වූ ජනතා එකමුතුව (People Unite for Justice and Accountability – PUJA)  අපගේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එම උත්සවයට සහභාගි වූ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක විසින් පහත දැක්වෙන අදහස් පලකරන ලදී.

“නිදහස පසු කාලයේ අපට පේන දෙයක් තමයි රටේ නීතිමය පාලනය බිඳ වැටි තිබෙනවා. 71 කැරැල්ලේ දී කැරලිකරුවන්ට නඩු පැවරුවේ රැජිනගේ නීතිය යටතේ දීයි. ඒ වනවිට පොලිසි සතු ආයුධ තිබුණේ පෙට්ටි වල. පහර දෙන අවස්ථාවන් වලදී ඔවුන්ට ඒක හොයාගන්නත්  බැරි වුනා.

යුද්ධයේ දී අතුරුදහන් වූ ප්‍රමාණය 60,000 ක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබුණා. නමුත් සමහර කමිටුවල විසිදහක් ගණනක් බව පැවසෙනවා. නමුත් තවමත් නිශ්චිත වාර්තාවක් ලැබි නැහැ.

ලංකාවේ සංහිදියාව යම් කිසි ලංකාවේ යම් ක්‍රියා මාර්ග පැවතුනා. ඒවා ගැන විමසිල්ලෙන් බැලීම වැදගත්. සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විසින් විශාල වෙහෙසක් දරා ලබාගත් අතුරුදහන් තැනැත්තන් සදහා වු කාර්යාලය කිසිදු වර්ධනයකින් තොරව ජනතාවට එපා වෙන තත්ත්වයට පත්වෙලා”

ඔහු ලංකාවේ සංහිඳියාව ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවත් අදහස් දක්වන ලදි.

ඒ අතර වෙබ් අඩවිය එළිදක්වන ලද අතර මේ සදහා සිවිල් සංවිධාන ක්‍රියාදරයින් සහ ජාතික සාම මණ්ඩලයේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය ද, ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගි වී සිටියහ.

  

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….