සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය.

එම කාලය තුළ, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති ප්‍රධාන ගැටළු සහ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සමඟ රැස්වීම් 12 ක් පවත්වන ලදී.

මෙම කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. පී. එස්. බී. රත්නායක මහතා සමඟ ජූනි 05 වනදා පැවති හමුවේදී, යෝජිත “ සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභා පනත් කෙටුම්පත” සහ සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

යුද්ධයෙන් පීඩාවට පත් එතිමලේ, ඔක්කම්පිටිය සහ මහගොඩයාය ගම්වාසීන් සමඟ ද ඔවුන්ගේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී රැස්වීම් කිහිපයක් පවත්වනු ලැබූ අතර, එහිදී 30 වසරක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ජූනි මස 07 වනදා , ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහා මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ වත්මන් කටයුතු සහ අරමුණු පිළිබඳ නවතම තොරතුරු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. තවද, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන්, පළාත් සභා ප්‍රධානීන්ගෙන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන වල නියෝජිතයන්ගෙන්, බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ හමුදා නිලධාරීන්ගෙන් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ඉහත සඳහන් කළ යෝජිත නීති සම්පාදනය වෙනුවෙන් ප්‍රතිපෝෂණයන් රැස් කිරීමක් ද සිදු කෙරිණි.

ජූනි මස 08 වන දා මෙම කණ්ඩායම විසින් හම්බේගමුව වතු ජනතාව සහ ඉස්ලාම් ආගමික ජනතාව හමු විණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න මහතා, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (ප්‍රතිපත්ති) ආචාර්ය සී. වයි. තංගරාජා මහතා සහ අසීෆ් ෆෝර්ඩ් මහතා, සම්බන්ධීකාරක සරත් කොතලාවල මහතා, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (නීති) වයි.එල්. ලොකුනාරංගොඩ මහත්මිය, විධායක නිලධාරී (මහජන සම්බන්ධතා) සෞම්‍යා වික්‍රමසිංහ මහත්මිය සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….