calin

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු කෙරෙහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අවධානය යොමු වී තිබේ.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලද අතර එයට සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයෝ ද සහභාගී වී තිබේ.

වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කැලින් නම් සබන් වර්ගය නිෂ්පාදනය කරන ඩෙල්මා සමාගම පසුගිය කාලයේ තම නිෂ්පාදනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවට ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන ලදි. එවැනි අනුමත කිරීමේ ක්‍රියාවලියක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

More Stories