සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සදහා හදුන්වා දුන් ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල ක්‍රමය ඉතාමත් සාර්ථක බව කී අමාත්‍යවරයා එම ක්‍රමය දිවයින පුරා හදුන්වාදීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ආසියානු පදනම හා බ්‍රිතාන්‍ය කවුන්සිලය SEDR ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය මට්ටමින් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සදහා සමථ වැඩ සටහන් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් (සමථ) වෙත පරිගණක ලැප්ටොප් ප්‍රදානය කිරීමේ වැඩ සටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.

Similar Posts