සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති.

සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත් වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.

Similar Posts