ලොව පතළ සමාජ සේවා ව්‍යාපාරයක් වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) තම දිවිසැරිය නිමා කළේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ආචාර්ය ආරියරත්න මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය.

1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවුටන බොනවිස්ටා විදුහලෙන්ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය විදේ‍යාදය පිරිවෙනින්ද ලබා ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් 1958දී ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහිදී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනකු සහ ගුරුවරුන් ‍ෙදාළොස් දෙනකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය.

මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදාහදා ගැනීමේ මඟපෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේ පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන කරමිනි. වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයමින් මැග්සයිසේ ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියකින් පිදුම් ලබා තිබේ.

Similar Posts