මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවය.

යළි එසේ නොවීමටනම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ද අනුරාධපුර දිස්ත්‍රික් නීතිවේදීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නව නීති මැයි මාසයේ දී ගෙනඑන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙරට විදේශ ණය ගෙවීමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත් එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Similar Posts