සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය

පසුගිය ජූනි 30 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ Talk at the cafe spectator කොලමෙහි මෙවැන්නක් පළ වී තිබුණි. “මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි. නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත් සමඟ ගමන් ගත් වෛද්‍යවරුන් ගමන් ගත් දුම්රියක් පැය දෙකක පමණ කාලයක් නතර කර තබන්නට සිදු විය.

දුම්රියේ මැදිරි දෙකකම සිටියේ වෛද්‍යවරු ය. කෙසේ නමුත් මේ සිදු වූ දුම්රිය ප්‍රමාදය නිසා කලකිරීමකට හෝ නොසතුටකට හෝ පත් නොවූ එකී වෛද්‍ය පිරිස, ගිටාර් වාදනය කරමින්, ගී ගයමින්, නටමින් විනෝදවනු දක්නට හැකි විය. මේ නිසා සෙසු දුම්රිය මගීන් තුළ ද දුම්රිය ප්‍රමාදය පිළිබඳ වූ කනස්සල්ල පහව ගිය බවක් දකින්නට හැකි විය. මේ දුම්රියේ ගමන් ගත් විදේශිකයන් ද වෛද්‍ය පිරිස සමග එක් වෙමින් විනෝද වනු දක්නට ලැබිණි. ගස කපා ඉවත් කර යළි දුම්රිය ගමන ආරම්භ කරන තෙක් මේ විනෝද වීම දකින්නට ලැබුණි. ඒ වන තෙක්ම වෛද්‍යවරු ඉතා සතුටින් කාලය ගත කරමින් අයහපත් අවස්ථාවකින් වුව ද සතුටක් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පෙන්වා දුන්හ”.

පසුගිය ජුනි 23දා පෙරවරු හයයි තිහට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමනාරම්භ කළ අංක 1001 දරණ දුම්රියේ පළමු පන්තියේ මැදිරි දෙකක් වෙන් කර ගත් ලංකා කායික රෝග විශේෂඥයන් ගේ විද්‍යායතන ( Ceylon college of physician ) සාමාජිකත්වය දරන විශේෂඥ කායික වෛද්‍යවරුන් පනහකට වැඩි දෙනකු සම්බන්ධ ඉහත සඳහන් පුවත කිසියම් අපූර්වත්වයකින් යුතු වූවක් බව ඕනෑම අයකුට බැලූ බැල්මට වුව වැටහෙනු ඇත.
ඊට හේතුව එම දුම්රිය පමාව නිසා මානසික පීඩාවට ලක් ව සිටි දහස් ගණන් මගීන් පත්ව හිඳින මානසික කෙඩෙත්තුව හා ගිලන් බව වටහා ගැනීමේ හැකියාවක් මෙම කායික රෝග විශේෂඥ වරුන් සතුව තිබීම ය. එහි දී මඟීන් ගේ සිත් සුවපත් කළ හැකි සරල මනෝ චිකිත්සාවක් ලබා දීම කෙරෙහි ඔවුන් ගේ සිත් යොමු වීම දියුණු විද්‍යාත්මක හා මානවීය ලක්ෂණයකි.එහි දී එම වෛද්‍යවරු තමන් ගෙනා සංගීත භාණ්ඩ සහ ‘පාටි බොක්ස්’ නමින් හඳුන්වන ශබ්ද විකාශන කට්ටල ගෙන දුම්රිය වේදිකාවට බැස ක්ෂණික සංගීත සාජ්ජයකට මුල පිරූහ. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඔවුන් අතුරින් පිරිසක් ගී ගයන්නටත් තවත් පිරිසක් වාදන ඉදිරිපත් කරන්නටත්, තවත් පිරිසක් රැඟුම් පාන්නටත් ඉදිරිපත් වූයේ විනාඩි දෙක තුනක් තුළ දහස් ගණනක් වන දුම්රිය මගීන් ගේ අවධානයට සේම ආකර්ශනයට ද යොමු වෙමිනි.නමුදු ඒ තම වෘත්තීය තරාතිරම ආදිය ද මඟීන් වෙතින් සඟවමිනි.ඒ අනුව ඔවුන් ක්ෂණිකව ගනු ලැබූ තීරණයක් මත එසේ ඉදිරිපත් වීම නූතන සමාජය හමුවේ ඉදිරිපත් කෙරෙන එක්තරා පූර්වාදර්ශයක් ද වන බව අප ගේ වැටහීම ය.

එක්තරා කණගාටුදායක තත්වයක් ද තිබේ.එනම් එම පුවතට සෙසු බොහෝ පුවත් වලට මෙන් සමාජයේ දස`ත පියඹා යන්නට අත් තටු නොලැබීම ය.එම අපූරු සිදුවීම සම්බන්ධයෙන් පළමුව vinivida.lk වෙබ් අඩවිය මඟින් අනාවරණය කරනු ලදුව පසුව theleder.lk dailyrepoter.lk ආදියෙන් ද එම පුවත උපුටා දක්වා තිබිණ.නමුත් අතීතයට සාපේක්ෂව ඕපාදූප;ගොසිප් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ප්‍රධාන ධාරාවේ පුවත් පතක කුඩා ඉඩක් වත් ඒ සඳහා වෙන් කොට තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.ඒ යමකු ගේ හෝ යමක නුගුණම දැක්වීමේ නූතන සමාජ විලාසිතාවට අනුරූපව බව අප ගේ වැටහීම ය.

එහෙත්, ඒ සම්බන්ධ එක්තරා කණගාටුදායක තත්වයක් ද තිබේ.එනම් එම පුවතට සෙසු බොහෝ පුවත් වලට මෙන් සමාජයේ දස`ත පියඹා යන්නට අත් තටු නොලැබීම ය.එම අපූරු සිදුවීම සම්බන්ධයෙන් පළමුව vinivida.lk වෙබ් අඩවිය මඟින් අනාවරණය කරනු ලදුව පසුව theleder.lk dailyrepoter.lk ආදියෙන් ද එම පුවත උපුටා දක්වා තිබිණ.නමුත් අතීතයට සාපේක්ෂව ඕපාදූප;ගොසිප් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ප්‍රධාන ධාරාවේ පුවත් පතක කුඩා ඉඩක් වත් ඒ සඳහා වෙන් කොට තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.ඒ යමකු ගේ හෝ යමක නුගුණම දැක්වීමේ නූතන සමාජ විලාසිතාවට අනුරූපව බව අප ගේ වැටහීම ය. පොදුවේ ගත් විට අප රටේ මුද්‍රිත සහ විද්‍යුත් ජන මාධ්‍යයන් මගින් විවිධ වෘත්තිකයන් ගේ අනේක විධ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පුවත් නිතර නිතර ප්‍රචාරය කෙරෙනු දක්නට පුළුවන.එහෙත්, එම පුවත් තොරතුරු සමස්තයක් වශයෙන් ගෙන විමසුමකට ලක් කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස පෙනී යන කරුණක් තිබේ. එනම් ඒවායින් වැඩි කොටස එම වෘත්තිකයන් සම්බන්ධ නිෂේධනීය ආකල්ප සමාජගත වීමට ඉවහල් වන බව ය. ඒ සම්බන්ධයෙන් විධිමත් විමසුමක් කළහොත් එසේ නිශේධනීය ගණයේ පුවත් ප්‍රමාණය එම වෘත්තිකයන් සම්බන්ධ සමස්ත පුවත් ප්‍රමාණයෙන් සියයට අසූවක් අනූවක් ද ඉක්මවනු ඇතැයි මට සිතේ. එමෙන්ම ඒ ආකාරයේ පුවත් නිරතුරු සමාජගත වීමෙන් සිදුවන සමාජමය අයහපත කිහිප අයුරකින් විමසා බැලිය යුත්තකි. ඉන් ප්‍රධාන අයහපත වනුයේ ඒවා මගින් එම වෘත්තිකයන් ගේ සමාජමය ගෞරවයට හා ප්‍රතිරූපයට හානි පැමිණීම ය. දෙවැන්න ඒ ඔස්සේ එම වෘත්තිකයන් හා සමාන්‍ය ජන සමාජය අතර පවත්නා සහසබඳතා සැලකිය යුතු ලෙසින් බිඳ වැටීම ය. ඒ ඔස්සේ ඔවුන් විසින් ඉටු කරනු ලබන සමාජමය මෙහෙවර අවප්‍රමාණ වීමේ පැහැදිලි හැකියාවක් එතුළින් නිර්මාණය වෙයි.මේ සම්බන්ධයෙන් ජන මාධ්‍ය කරුවන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වන ප්‍රධානතම තර්කයක් ද වේ. එනම් ඒ කිසිවක් වර්තමාන සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන සත්‍ය පුවත් මිස ඒ කිසිවක් ව්‍යාජ මවා පෑම් නොවන බව ය. ඒ අනුව එබඳු සිදුවීම් වල බහුලතාව මත ඒ ආශ්‍රිත පුවත් මතුවීමේ ද බහුලතාවයක් පැන නැගීම සාමාන්‍ය දෙයක් බව අප ද පිළිගත යුතු ය.

මේ වන විට වේගවත්ව වාණිජකරණයට ලක්ව ඇතැයි විවිධ පාර්ශවය්න් ගේ මැසිවිලි නැඟෙන විශේෂඥ වෛද්‍ය සේවාවට අයත් වෛද්‍යවරුන්ගේ මානුෂීය ගුණාංග සපිරි මෙබඳු ක්‍රියාවන් සඳහා ජන මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් ලබා දෙන්නේ ද යන්න විමසුමට ආසන්නතම නිදසුනක් වනුයේ අප රටේ කායික රෝග විශේෂඥවරුන් පිරිසක් ක්ෂණිකව ගන්නා තීරණයකට අනුව දුම්රිය පමාවක් නිසා ගමන් ආතතියෙන් පෙළුණු මගීන් ගේ සතුට, විනෝදය හා මානසික උත්ථානය පිණිස ගී ගැයීම සම්බන්ධ ඉහත සඳහන් සුවිශේෂ සිදුවීමට මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් නොලැබීම ය.

එහෙත්, එවන් පසුබිමක් යටතේ මේ වන විට වේගවත්ව වාණිජකරණයට ලක්ව ඇතැයි විවිධ පාර්ශවය්න් ගේ මැසිවිලි නැඟෙන විශේෂඥ වෛද්‍ය සේවාවට අයත් වෛද්‍යවරුන්ගේ මානුෂීය ගුණාංග සපිරි මෙබඳු ක්‍රියාවන් සඳහා ජන මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් ලබා දෙන්නේ ද යන්න විමසුමට ආසන්නතම නිදසුනක් වනුයේ අප රටේ කායික රෝග විශේෂඥවරුන් පිරිසක් ක්ෂණිකව ගන්නා තීරණයකට අනුව දුම්රිය පමාවක් නිසා ගමන් ආතතියෙන් පෙළුණු මගීන් ගේ සතුට, විනෝදය හා මානසික උත්ථානය පිණිස ගී ගැයීම සම්බන්ධ ඉහත සඳහන් සුවිශේෂ සිදුවීමට මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් නොලැබීම ය. නමුත් එහි දී විනිවිද වෙබ් අඩවියේ එම පුවත මුල්වරට පළ වීමත් එය උපුටා දැක්වීමට තවත් වෙබ් අඩවි කතුවරයකු දෙදෙනකු පමණක් යුහුසුළු වීම අගය කළ යුත්තකි. ඒ පසුබිම යටතේ මඳක් පසු වී හෝ ඒ සම්බන්ධයෙන් තම පාඨකයන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත් පත් කතුවරයාට සහ එහි Talk at the cafe spectator තීරු ලිපි රචකයාට ද විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතු ය.

රේණුකා දමයන්ති

vinivida.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….