dry-floor

මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ පානිය ජල සැලයුම අඩාල විමත් සමග ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට ජලය නිකුත් කිරිම දින දෙක තුනකට වරක් පැය දෙක තුනක කාලයකට ජලය නිකුත් කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජල පාරිභෝකයන් පිරිසක් පවසනුයේ මේ වන විට හැටන් ජල මණ්ඩලය විසින් ජලය බේදා හැරිම දින දෙක තුනකට වරක් පැය දෙක තුනකට සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජල මණ්ඩලයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයට ජලය සැපයෙන සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ වන විට දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත මෙසේ ජලය බේදා හැරිම සිමා කිරිමට සිදුව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts