sripadaya

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට 11 හා 12 වන දිනවලදි අති විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගයෙන් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදුද ලැබිමට පෙර සුමණ සමන් දෙවිදුන්ගේ ආශ්‍රිර්වාදය ලබා ගැනිමට විශාල පිරිසක් මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය.
පොදු ප්‍රවාහන සේවා සමගින් මෙන්ම පුද්ගලික රථ වාහනවලින්ද විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් බොහෝ වන්දනාකරුවන පුද්ගලික රථ වාහනවලින් පැමිනිමත් සමග නල්ලතන්නිය රථ වාහන ගාල් පිරි ගිය බවද එම නිලධාරියා වැඩි දුඅරටත් පැවසිය.
ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන්ද හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාද නල්ලතන්නිය සිට හැටන් දක්වාද අතිරේක බස් රථ රාශියක් යෙදවිමට පියවර ගත් බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

Similar Posts