සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.

මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පොල් රා බෝතල් කිරීම සඳහා රුපියල් කෝටියක් ලෙස පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කර ඇත.
තල් රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Similar Posts