සුළං බලාගාර ව්‍යාපෘතිවලින් ‘කැපෙන’ බව අදානි අවසානයේ කියයි

adani enterprise share price adani port share prices share price of adani wilmar

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මන්නාරම සහ පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සහයෝගීතාවයට තවදුරටත් විවෘතව සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සුළං බලය ශ්‍රී ලංකාවට‍ම වැඩි මිලට විකුණාගෙන ඉන්දියාවටද විකිණීමට අදානිගේ සැලසුමක් පැවති අතර අසාධාරණ මිල ගණන් ඉදිරිපත් කරමින් ඔහු සූරාකන්ට සූදානම් වූයේ යයි ජනපති අපේක්ෂක අනුරකුමාර මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබුණි. පසුව ජාජබ රජය පැමිණි පසු අදානිට මේ සඳහා අවසරය දීම නැවත සලකා බලන බවට කැබිනට් නිවේදනයක්ද නිකුත් විය.

මේ අතර පසුගිය සතියේ වාර්තා වූයේ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන හේලීස් වෙත ලබාදී ඇති බවත් අවම ලංසුව ඉදිරිපත් කළ එම සමාගමට සාධාරණ පටිපාටියක් ඔස්සේ එය ලබාදී තිබූ බවත්ය.

මෙම තීරණයට පෙර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටුවීමටද තීරණය කර තිබුනේ යම් යම් දේශපාලන කාරනා මත එම සමාගම විශාල ව්‍යාපෘතියකට සම්බන්ධවීමට උත්සාහ දරන අතරේය.

කොමිෂන් සභාව පෙන්වා දී තිබුනේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ තොරතුරු එහි අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ප්‍රමාණවත් නොවූ බවයි. අදානි හා විදුලි බල මන්ඩලය අතර එකඟතාව සැකසහිත බවට කරුණු හෙළි විය.
විශේෂයෙන්ම පහත තොරතුරු ලබා දීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වී තිබුණි:

අදානි සමාගම සමඟ ඇති කර ගත් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සම්පූර්ණ කෙටුම්පත ඉන්දියානු රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අවසරය

මීට අමතරව, කිලිනොච්චියේ සිට හබරණ දක්වා කිලෝවෝල්ට් 400 ධාරිතාවෙන් යුත් සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ ප්‍රසම්පාදන විස්තර සහ වියදම් ආපසු අය කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු ද ලබා දී නොමැත. එමෙන්ම, මන්නාරමේ අදානි ව්‍යාපෘතිය ආසන්නයේ පිහිටි මෙගාවොට් 50ක සුළං බලාගාරයට කැඳවූ ටෙන්ඩර් සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ විස්තර ද ඉදිරිපත් කර තිබුනේ නොමැත.

ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව සහ පාරිසරික බලපත්‍රයේ විස්තර ද විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර නොමැති බව කොමිෂන් සභාව පෙන්වා දී තිබුණි.

මේ අතර, එක්සත් ජනපද යුක්ති දෙපාර්තමේන්තුව විසින් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානි ඇතුළු පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව අල්ලස් චෝදනා ගොනු කර ඇත. මෙම චෝදනා හේතුවෙන්, කොළඹ වරාය පර්යන්ත ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ලබාදීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 553ක ණය මුදල සමාලෝචනය කරමින් සිටී.

අදානි සමූහය මෙම චෝදනා “පදනම් විරහිත” බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, “සියලු හැකි නීතිමය පිළියම්” සොයන බව ප්‍රකාශ කර තිබුණි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….