කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසළ අංගණයට යාබදව කලකට පෙර කසළ දැමූ කුණු වළේ කසළ කෑමට එන වන අලි අතර මේ දිනවල ඇතෙක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ – සේරුනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතාව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, මීට පෙර මෙවැනි ඇතකු දක්නට නොලැබුණු බව පවසයි.

මේ තත්ත්වය තුළ දඩයම්කරුවන්ගේ බිල්ලක් බවට එම ඇතා පත්වීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

Similar Posts