ranil

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය.

අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේය.

රටේ අදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව කී ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

Similar Posts