පිටස්තර පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට තැත් කල  හැටන් දික්ඔය නගර සභාවට අයත් ඉඩම් කොටස නැවත් නගර සභාවට පවරා ගැනිමට එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා විසින් පියවර ගෙන ඇත.

පසු ගිය දිනක හැටන් නගර සභාවට අයත් ඉඩම් කොටසක් පිටස්තර පුද්ගලයකු විසින් සාරියකින් වෙන් කර ගෙන බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට පියවර ගන්නා ලදි.

එම සිද්දිය මාධ්‍ය මගින් හෙලි විමෙන් පසුව මධ්‍යම පලාත් නුවරඑළිය සහාකාර පලාත් කොමසාරිස්වරයාද මෙම සිද්ධිය පිලිබදව අවදානය යොමු කර එකි ඉඩම් කොටස නැවත නගර සභාවට අත්කර ගන්නා ලෙස කරන ලද උපදෙස් මත ක්‍රියාත්මකවු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා විසින් එහි දමා තිබු සාරිය ඉවත්කර එම ඉඩම් කොටස ආරක්ෂා කර ගැනිමට පියවර ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාවට අයත් ඉඩම් කොටසක් යම් කිසි පුද්ගලයකු විසින් පසු ගිය සතියේ දිනක බලහත්කාරයෙන් අත් පත් කර ගැනිම සදහා පියවර ගෙන තිබු බවත්ය.

මෙම පුද්ගලයා ලීකණු කිපයක් උපයෝගි කර ගෙන මෙම ඉඩම් කොටස වෙන්කර ගෙන එය සාරියකින් ආවරණය කර තිබු බවත් පසුව ඒ සියල්ල ඉවත් එකි ඉඩම් කොටස ආරක්ෂා කර ගැනිමට පියවර ගත් බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts