බුද්ධ සාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ජාතික තෛයිපොංගල් උත්සවය 21වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසනික ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටි අතර මෙම අවස්ථාවට මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යු ගමගේ නැගෙනහිර ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, උතුරු ආන්ඩුකාර පි. එස්. එම්. චාල්ස් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

මෙම ජාතික පොංගල් උත්සවය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා -හැටන්

Similar Posts