හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ ආර්ථික තත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වත්කම්, නිවාස තත්වය සහ පවුලේ ජන විකාශය යන මාන හය ඔස්සේ ජංගම දුරකථන ඇප් එකක් මගින් විස්තර ලබා ගනු ඇත.

සංගණන නිලධාරිවරයා පැමිණෙන දිනය හා වේලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. කෙසේ වෙතත්, ජංගම දුරකථන නැති හා ඒ සම්බන්ධ සාක්ෂරතාව අඩු පවුල් ද තිබේ. සංගණන නිලධාරියා පැමිණෙන දිනය ගැන අවධානයෙන් සිට එදින නිවසේ රැඳී සිටිය යුතු බව මේ පිළිබඳ පුවත්පත් නිවේදනයේ දැක්වේ.

පවුල් වයස අවුරුදු 18ට වැඩි සාමාජිකයන්ගේ හැඳුනුම්පත් සංගණනයේදී ඉදිරිපත් කළ යුතුය. තොරතුරු තහවුරු කිරීමට අදාළ ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර, වෛද්‍ය වාර්තා, අවසාන මාස තුනක විදුලි බිල්පත් සහ බැංකු පාස් පොත් සූදානම් කර තබාගන්නා ලෙස පුවත්පත් දැන්වීමක පළ වී තිබිණි.

සංගණන නිලධාරීවරයා විසින් ඇතුළත් කරන ලද තොරතුරුවල සාරාංශය හොඳින් කියවා බලා අත්සන් කළ යුතු බව ද පුවත්පත් නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, දිළිඳු සමාජ කණ්ඩායම් අතර මේ වන විට පුවත්පත් මිල දී ගැනීම හා කියවීම පවතින්නේ ඉතා අඩු මට්ටමකය.

සංගණනයෙන් පසු, තෝරාගැනීම් සිදු කරනු ලබන්නේ කමිටුවක් විසිනි. එහිදී විරෝධතා සලකා බලා නුසුදුසු අපේක්ෂකයන් ඉවත් කරනු ලැබේ.

අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු පළමු අදියරේ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 18කගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මේ අතර, අස්වැසුම රාජකාරි වර්ජනය කිරීමේ ග්‍රාම නිලධාරි හා සමෘද්ධි සංවර්ධන නිලධාරි වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගය තවමත් එසේම ක්‍රියාත්මක වේ.

එයට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරිවරුන් ද අස්වැසුම සම්බන්ධ රාජකාරිවලින් ඉවත් වන බව ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම දිළිඳු සහන වැඩසටහනට සහාය දැක්වීම සඳහා තමන්ට දීමනාවක් අවශ්‍ය බව එම සංගමය පවසයි.

පුවත්පත් නිවේදනය පහතින්;

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….