හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.

හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම ,ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මදුර විතානගේ, ප්‍රේමනාත් සී දොළොවත්ත, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, පියල් නිශාන්ත, ආචාර්ය චන්න ජයසුමන,දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, හරීන් ප්‍රනාන්දු, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ඩී.බී හේරත්, චරිත හේරත්, සිසිර ජයකොඩි,, අනූප පැස්කුවල්, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, ඩී.වීරසිංහ,අනුර ප්‍රිය දර්ශන යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, මංජුලා දිසානායක, රුවන් විජයවර්ධන, නිමල් ලාන්සා, අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ,ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, තිස්ස අත්තනායක, අර්ල් ගුණසේකර,, රන්ජන් රාමනායක, වඩිවෙල් සුරේෂ්, නලින් ප්‍රනාන්දු, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, චන්ද්‍රසිරි මුතු කුමාරණ, රාජිකා වික්‍රමසිංහ, තාරක බාලසූරිය, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මුදිතා පියදර්ශනී සොයිසා, ජගත් ප්‍රියංකර, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ,රාජිත සේනාරත්න, සිවනේශතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක අබේසිංහ, තුෂාර ඉඳුනිල් අමරසේන, ලලිත් එල්ලාවල, ලලිත් වර්ණ කුමාර, විජිතමුණි සොයිසා, නියෝමාල් පෙරේරා, පියසේන ගමගේ, වසන්ත සේනානායක, සහ ජයරත්න හේරත් කපිල අතු කෝරල, එම්. ඒ සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, වේලුකුමාර් එම හිටපු මැති ඇමතිවරු වෙති.

මෙයට අමතරව මහ මැතිවරණයට ඉදිරිපත් වූ සර්ව ජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර, එම පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා යන මහත්ම මහත්මීහුද මහ මැතිවරණයෙන් පරාජයට පත් වූහ.

මේ අතර හිටපු මැති ඇමති අසූවකට වැඩි පිරිසක් ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….