අදුර දුරුකර ආලෝකය ලගා කර ගැනිම හෙවත් දිපවාලි උත්සවය 12වන දිනට යෙදිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරය පුරා හිංදු කෝවිල්වල වීශේෂ ආගමික වතාවත් සිදු කිරිමට පියවර ගෙන ඇත.

ලොව පුරා හිංදු භක්තිකයන් අදුර දුරලා ආලෝකය ලගා කර ගැනිමේ දිපවාලි උත්වසවය මහත් හරසරින් සමරන අතර එම දිපවාලි උත්සවය නිමිති කර ගෙන හිංදු කෝවිල්වලද වීශේෂ පුද පුජා පැවැත්විමටද පියවර ගෙන ඇත.

දිපවාලි වීශේෂ පුජාවක් 12වන දින උදැසන හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හිංදු කෝවිලේදි එහි ප්‍රධාන පුජක ජශෝකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

දීපාවලී දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයක්.

මේ අතර දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, කොළඹ සිට නුවරඑලිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts