ළමුන්ගේ ජිවිත අපි හිතන තරම් සුන්දර නැහැ

ළමුන්ගේ ජිවිත වැඩිහිටියන් සිතන තරම් සුන්දර නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා.

අධ්‍යාපනය කඩාකප්පල් වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ විවිධ අපචාරයන්ට යොමු වීම ආදිය නිවැරදි කිරිමට දරන ප්‍රයත්නයට වඩා ප්‍රබලව ඒවා නැගි සිටින බවයි ඒ මහතා අවධාරණය කළේ.

අනුරාධපුරයේ පැවති ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පොලිස් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එවැනි ක්‍රියාවන් දවසින් දවස ඉහළ යනවානම් සියළු දෙනා දරන මහන්සියේ කොහේ හෝ අඩුපාඩුවක් ඇති බව රංජිත් විමලසූරිය මහතා පෙන්වා දුන්නා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා,

“ඔබතුමන්ලා ඔබතුමියන්ලා නිළ ඇඳුමට සීමාවෙලා නැහැ.. ඒ නිසාම මෙි සේවය පිළිබඳ මහජනතාවට විශ්වාසයක් තියෙනවා.. ඔවුනට සාධාරණය ඉටුවිය යුතුයි.. දරුවන් රැකගැනිම වෙනුවෙන් දෙමාපියන් දැනුවත් කිරිමට සිදු වීම ඇත්තෙන්ම ශෝචනීයයි.. එහෙත් දරුවන්ව සහ දෙමාපියන්ව දැනුවත් කළ හැකි පිරිස ඔබයි. නිතරම තැනක් වේලාවක් නොබලා එකි වගකිම ඉටුකරමු.. එය අපි සැමගේ සමාජ වගකීමක්.. අපි කාටත් යම් අසාධාරණයක් සිදුවු විට මතක් වන නිල මට්ටමේ පළමු ආයතනය වන්නේ පොලීසියයි.. විශේෂයෙන් දරුවන් සඳහා වන ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ පොලීසිය මනා අවබෝධයෙන් සිටිම අතවශ්‍ය වෙයි.. මේ සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අවශ්‍යයි.. මෙම වැඩපිළිවෙල ඔස්සේ ප්‍රතිවිරෝධීව නැගෙන බලවේගවලට අභියෝග කළ හැකි වෙනවා..”

මෙම වැඩසටහන සඳහා අනුරාධපුර හා කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයන් හී ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරුන් හා නිළධාරින් 45 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී වී තිබුණා.

දැනට සකස්කර ඇති ළමා රක්ෂණය පිළිබඳව ඇති ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමේ දී සෞඛ්‍ය, අධ්‍යාපන, නීති, අපදා කළමණාකරණය, විදේශ කටයුතු, ළමා හා සමාජසේවා ආදි වශයෙන් අංශ 10 ක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….