2024-2025 ශ්‍රිපාද වන්දනාව උදුවප් පුන් පොහෝයෙන් ඇරඹේ

sripadaya

මෙවර ආරම්භ වන 2024-2025 ශ්‍රිපාද වන්දනාව උදුවප් පුන් පොහෝය යෙදෙන මේ මස 14වන දින ආරම්භව 2025 වෙසක් පුන් පොහෝය දින දක්වා පැවැත්වෙනු ඇත.
මෙවර ශ්‍රිපාද වන්දා වාරය ආරම්භ කිරිම සදහා ශ්‍රි සුමන සමන් දේව ප්‍රථිමාව සදාතුක කරඩුව, දේව ආභරන ඇතුළු පුජා භාන්ඩ වැඩම කරවිම මේ මස 13වන දින උදැසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහ විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ පෙරහර හතරකින් ශ්‍රිපාද මහ මළුද දක්වා වැඩම කරවිමට පියවර ගෙන ඇත.
මෙම පෙරහැර හතර බලංගොඩ බගවන්තලාව, කුරුවිට, පලාබද්දර, අවිස්සාවේල්ල හැටන් මාර්ග ඔස්සේ ශ්‍රිපාදස්ථානය දක්වා ගමන් කරන අතර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ ගමන් කරන සමන් දේව ප්‍රථිමාව රැගත් පෙරහැර සදහා පුජඋපහාර දැක්විම සදහා සඹරගමුව හා මධ්‍යම පලාත් මායිම වන ගිනිගත්හේන කලුගල ප්‍රදේශයේදි 13වන දින රාත්‍රි වීශේෂ පුද පුජාවන් පවත්වා එම පෙරහැර පිලිගැනිමට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සැලසුම් කර ඇති බව එහි නිලධාරියකු පවසන ලදි.
ඉන් අනතුරුව එම පෙරහැර පදුපොල, ගිනිගත්හේ, දියගල, වටවල, හැටන් නොර්වුඩ්, මස්කෙළිය හරහා නල්ලතන්නියට පැමිනෙන අතර මෙම ප්‍රදේශවලදි එම පෙරහැරට පුජඋපහාර දැක්විම සදහා එම ප්‍රදේශවල බැතිමතුන් පියවර ගැනිමට මේ වන විට සංවිධානය වෙමින් පවති.
මෙම පෙරහැර හැටන් නගරයට පැමිනෙන විට හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි හා හැටන් නගර මධ්‍යයේදි වීශේෂ පුද පුජාවන් පැවැත්විමට පියවර ගෙන ඇති අතර 13වන දින රාත්‍රියේදි හැටන් මල්ලිඅප්පුව සමන් දේවාල බාර කාර මණ්ඩලයේ සභාපති හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත් දන්සැලක් ද, හැටන් රුවන් පුර ගම්වාසින්ගේ ප්‍රධානත්වයෙන් රෝටි දන්සැලක්ද, හැටන් මුලස්ථාන පොලිසියේ අනුග්‍රහායෙන් බිස්කට් හා කෝපි දන්සැලක්ද, හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් නගර මධ්‍යයේ කඩල දන්සැලක්ද පැවැත්විමට පියවර ගෙන ඇති බව එම සංවිධාන කමිටු පවසති.
13වන දින රාත්‍රියේ නල්ලතන්නියට වැඩම කරනු ලබන සමන් දේව ප්‍රථිමාව නල්ලතන්නිය සිට ශ්‍රිපාද මහ මළුව දක්වා වැඩම කරවිම ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සිදු කරන අතර 14වන දින උදැසන සමන් දේව ප්‍රථිමාව සදාතුඩ කරඩුව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර පුද පුජා පැවැත්විමෙන් අනතුරුව 2024—2025 ශ්‍රිපාද වන්දනාව ආරෙම්භ වනු ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….