225 එපානම් එයට විකල්පය මොකක්ද?

දැනට වසර දෙකකට පෙරදි පැවති අරගලය තුලින් ජනතාව එපා කිවේ ජනාධිපතිවරයා පමනක් නොවෙයි එදා එම පිරිස පාර්ලීමේන්තුවේ ඉන්න 225 දෙනාවම එපා කිවා ජනාධිපති එපානම් පාර්ලීමේන්තුවේ 225 එපානම් එයට විකල්පය මොකක්ද යන්න විමසා බැලිමටයි අප සංවිධානය කටයුතු කරන්නේ.
නිතිය හා සමාජ භාරයේ වැඩ සටහන් සම්බන්ධිකාරක ප්‍රභාත් හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ එම සංවිධානය විසින් සංවිධානය කරන ලද මහජන පාර්ලීමේන්තුව සමාජික හමුවක් අමතමිනි.
මෙම හමුව හැටන් අජන්තා උත්සව ශාලාවේදි පැවති අතර මෙම අවස්ථාවට සමාජ ක්‍රියාකාරින්, වතු කම්කරුවන්, ගුරුවරුන්, පෙර පාසල් පාලිකාවන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් එක් විය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රභාත් හේමන්ත මහතා අයි. එම්. එෆ් කියන්නේ උගුලක් මෙයින් මේ රටේ පවතින ප්‍රශ්න විසදෙයි කියලි ඔබලා හිතනවාද මේ අයි. එම්. එෆ්. තුලින් සිදුවන්නේ ප්‍රශ්න විසදිමක් නොවෙයි පවතින ප්‍රශ්න තවත් දුර දිග යාමක්.
මේ අරගලයත් එක පාරට ඇතිවුන දෙයක් නොවෙයි මෙය දිගු කලක පටන් පැවති විවිධ පීඩාවන් මත ඇතිවුන දෙයක් විවිධ දුෂණ වංචාවන්ට එරෙහිව ගොවින් කම්කරුවන් ඇතුළු පිරිස් නැගි සිටිමත් සමගයි මෙම අරගලය ඇති වුනේ.
මෙහිදි පැමින සිටි පිරිස් කණ්ඩායම් වශයෙන් වෙන් කර මේ රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු විවිධ කේෂත්‍ර නගා සිටුවිමට ගන්නා පියවර පිලිබදව සකච්චා කර එම සාකච්චාවන් එලි දැක්විමක්ද සිදු කරන ලදි.
එහිදි විශ්ව විද්‍යාල සිසුන් කාණ්ඩායම අදහස් ඉදිරිපත් කරමින් පවසන ලද්දේ අද වන විට උපාධිය ගන්නා සියළුම දෙනා රජයේ රැකියාවන් බලා පොරෝත්තු වන බවත් මෙය නෙස් විය යුතුවන අතර තම උපාධිය මත රජයේ නොවන වෙනත් රැකියාවන් සොයා ගැනිමට පියවර ගත යුතු බවත්ය.
එහිදි එම සිසුන් උදාහරණ ලෙස පවසන ලද්දේ තමන් ඉගෙනුම ලබන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ බවත් එම ප්‍රදේශයේ රජයේ විවිධ රැකියා කරන පිරිස් එම රැකියාවන්ට අමතරව තම ගෙවතුවල වැඩ කරන බවත් ඒ තුලින් ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනිමට පියවර ගන්නා බවත්ය.
ඒ ආකාරයෙන් මෙම ප්‍රදේශවලද රජයේ හා වෙනත් රැකියාවන් කරන පිරිස්ද තවත් කුමක් හෝ ආදායම් මාර්ග වැඩි කර ගැනිමට ක්‍රියා කරන්නේ නම් යහපත් බවද පවසන ලදි.
මෙහිදි වතු කම්කරුවන් නියෝජනය කරන පිරිස් පවසන ලද්දේ තේ වතු තුල ජිවත් වන තමන්ට නිසි වැටුපක් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
එම තත්වයන් වෙනස් කිරිම සදහා තේවතුවල ඉඩම් කොටස් තමන්ට ලබාදි තමන්ව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමට පියවර ගත යුතු බවත් එවිට එම තේවතු කොටසින් කඩා ගන්නා දළු විකිනිමෙන් තමන්ට හොද ආදායමක් ලබා ගත හැකි බවත් එවිට මෙම වැටුප් ප්‍රශ්නයක් පැන නොගිනන බවත්ය.
මේ වන විට මෙම ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල හතු පිපින්නාසේ පෙර පාසල් ආරම්භ වන බවත් මේ තුලින් පෙර පාසල්වල පැවතිය යුතු ගුණාත්මක බාවය පිරිහෙමින් පවතින බව පෙර පාසල් නියෝජනය කරන පිරිස් පවසන ලදි.
ඒ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස් යම් ගොඩනැගිල්ලක් ඉදි කිරිමේදි එහි අත්තිවාරම සවිමත්ව තිබිය යුතුයි එසේ නැතිනම් එම ගොඩ නැගිල්ල කඩා වැටෙනවා ඒ වගේ තමයි යම් දරුවකුගේ අධ්‍යාපනයේ ආරම්භය වන පෙර පාසල් අධ්‍යාපනය හොදින් සවිමත් විය යුතුයි එසේ නැතිවන විට එම දරුවාගේ අධ්‍යාපනය කඩා වැටෙන බවත් මෙය යුද්ධයෙන් සිදුවු හානියට වඩා විශාල හානියක් බවත්ය.
තවත් කණ්ඩායම් කිපයක්ම පවසන ලද්දේ මේ වන විට පවතින අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතු බවත්ය මේ වන විට පාසල් තුල අධ්‍යාපන කටයුතු සිදුවනුයේ විෂය නිරිදේශ මත බවත් මෙය වෙනස්ව 7, 8, පංතිවල සිට විවිධ වෘත්තිය පුහුණු පාඨමාලා ඇති කර ඒ තුලින් විවිධ වෘත්තින්වලට පාසල් සිසුන් අනුගත කිරිම තුලින් එම අයගේ අනාගතය සාර්ථක කර ගැනිමට අවශ්‍ය පසුබිම සකස් කිරිමට හැකි බවත්ය.
අස්වැසුම, සමුර්ධිය වැනි විවිධ සහානාධාර ලබා දිම වෙනුවට විවිධ ස්වයං රැකියාවන් ආරම්භ කිරිමට අවශ්‍ය පසුබිම සකස් කර දිමෙන් මෙහි ජනතාව යැපුන් මානසිකත්වයෙන් මුදවා එම පිරිස් ව්‍යසායකයන් බවට පත් කිරිම තුලින් සහනාධාර සදහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගැනිමට හැකි වන්නා සේම නැති අය ඇති හැකි අය බවට පත් කිරිම තුලින් එම පවුල් ඒකක සාර්ථක පවුල් ඒකක ලෙස පත්කර ගැනිමට හැකි බව තවත් පිරිසක් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….