29000 අල්ලසක් ලබාගෙන වැඩවරද්ද ගනියි

money converter

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානාභාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ කොළඹ පිහිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවයේ නියුතු නිලධාරියෙකු බිරිදක විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාල කාන්තාවගේ සැමියා අනුරාධපුර මහ නගරසභාවේ ගිනි නිවන ඒකකයේ දෙවන නිලධාරියා වශයෙන් කටයුතු කර තිබෙනා අතර බිරිද ගිනි නිවිමේ උපකරන (සිලින්ඩර්)අලවිකිරිමේ ආයතනයක් පවත්වාගෙන ගෙන ගොස් තිබේ.

එම භාණ්ඩ අලවිකිරිමේදි එක් සිලින්ඩරයකට රුපියල් 500 බැගින් රුපියල් 29000 අල්ලස් මුදලක් සැකකරු ඉල්ලු බව පවසමින් කාන්තාව අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලිකර අදාල කොමිස් මුදල ලබාගන්නා අවස්ථාවේ ගිනි නිවිමේ අංශයේ ප්‍රධානියා අල්ලස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකාර නිලධාරියා පෙරේදා (29දා)රාත්‍රීයේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස (5දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

එදිනට සැකකරු කොළඹ පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ ස්ථානභාර නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (30දා) අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේවර්ධන මහතා සේවකයන් කැදවා අවවාද කිරිම සිදුකර තිබෙනා අතර එහිදි අල්ලස් ලබාගත් බව කියන නිලධාරියේ සේවය අත්හිටුවීමටත් තවත් නිලධාරියෙකු ස්ථානමාරු කිරිමටත් කටයුතු කර තිබේ.

ප්‍රධාන නිලධාරියා අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගැනිමෙන් පසුව දෙවන නිලධාරියා මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු දුරකථනයෙන් අමතා අන්න මම අරූට වැඩේ දුන්නා යනුවෙන් පවසා තිබෙන බව ගිනි නිවන සේවකයන් පිරිසක් අනාවරණය කළ අතර සේවා ස්ථානයේ පුටු ආරවුලක් හේතුවෙන් කළක සිට පැවති ගණුදෙනුව අල්ලස් බවට පත්වි ඇති බව සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….