ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන් ජය ගැනිමට ශක්තිය  ලැබිය යුතු බවත්ය.

එමෙන්ම ලැබුවාවු මෙම වසර වතුකර ජනතාවගේ වාර්ථාගත වසරක් බවට පත්ව වතුකර ජනතාවගේ සදාකාලික පසුගාමි ජිවිතවලින් මිදි ආර්ථික වශයෙන් ස්ථාවර පදනමක් බිහි විම වැදගත් බවද ඔහු සදහන් කර ඇත.

එමෙන්ම වතුකර ජනතාව අඛන්ඩව ලංකා කම්කරු කොංග්‍රසය සමග අත් වැල් බැදගන්නා ලෙස වතුකර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සදහන් කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts