Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන ජාතික කම්කරු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාගමනක් හා රැස්විමක් මේ මස 12වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්විමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ මස 12වන දින නුවරඑළිය නගරයේ සිට හා හැටන් නගරයේ සිට පාගමන් දෙකක් ආරම්භ වන අතර එම පාගමන් දෙක  තලවාකැලේ නගරයට පැමිනිමෙන් පසුව තලවාකැලේ නගරයේදි රැස්විමක් පැවැත්විමට පියවර ගෙන ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාලන නිලධාරි අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු අලගමුත්තු නන්දකුමාර් මහතා පවසන ලද්දේ හැටන් සිට ආරම්භ වන පාගමන 12වන දින පෙරවරු 8.00ට හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් කරන බවත්ය.

මෙම ආරම්භ අවස්ථාවට ප්‍රදේශයේ සියලුම ආගමික පුජකවරුන්ට ආරාධනා කරන බවත් මෙම වතු කම්කරුවන් මේ වන විට ශ්‍රිලාංකික පුරවැසියන් වන බැවින් මෙම ආරම්භ අවස්ථාවේදි හැටන් නගරයේ සියලුම වෙලද සැල්වල ජාතික කෝඩිය ඔසවා වෙලද සැල් වසා නගරයේ සියලුම වෙළද ව්‍යාපාරිකයන්ට එක්වන ලෙස ආරාධනා කරන බවත්ය.

එමෙන්ම මෙම අවස්ථාවේ ජාති ආගම් පක්ෂ දේශපාලන භේදයෙන් තොරව වතු කම්කරු ජනතාවගේ වසර 200 සැමරිමේ පාගමනට ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහාය අපෙක්ෂා කරන බවද නන්දකුමාර් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts