අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?

nuwaragama

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවසර ලබාදීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවට පරිසර සංවිධාන රැසක සාමාජිකයන් රජයේ වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

වර්ෂ 1924 සමයේ ගැසට් මගින් රක්ෂිතයක් බවට පත්කළ අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ (කොරකහවැව) හෙක්ටයාර් 0.8 භූමි ප්‍රමාණයක් මේ වනවිට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් හා රියදුරු පුහුණු ආයතන රැසක හිමිකරුවන් එක්ව කපා එලිපෙහෙළි කරමින් සිටි.

අනුරාධපුර පුත්තලම ඒ-12 ප්‍රධාන මාර්ගයේ පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස නම් කර තිබියදි විවිධ අවසර බලපත්‍රයක් ලබාදෙමින් එළි පෙහෙලි කිරීම අරඹා තිබේ.රක්ෂිතයේ වන අලින් මුවන් වල් ඌරන් මීමින්නන් හාවන් ඉත්තෑවන් උරග විශේෂ මෙන්ම විවිධ වර්ග වල පක්ෂීන් දහස් ගණනක් ජීවත් වන බවත් එළි පෙහෙළි කර තිබෙන ස්ථානය අලිමංකඩක් බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සංවිධාන කිහිපයක සමාජිකයන් මෙසේ පැවසූහ.මේ ස්ථානය රජය ගැසට් මගින් නම් කරපු රක්ෂිත කැලෑවක්.විවිධ අවසර පත්‍රයක් මගින් ඒ ස්ථානය මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට දීලා තියනවා රුපියල් 2000ක වාර්ෂික බදු මුදලක් ගෙවන්න කියලා.

අනුරාධපුර දිසාවේ අනුරාධපුර අඩවියේ උළුක්කුලම බීට්ටුවේ නුවරගම රක්ෂිතයෙන් රියදුරු ප්‍රායෝගික පරික්ෂණ පැවත්වීමට හෙක්ටයාර් 0.8 දුන්නා කියන ලිපියක් තියනවා.

මේ අලිමංකඩක් මේ පළාතේ ඉන්න මිනිස්සුන්ට වනයට ඇතුළු වෙලා දර කෑල්ලක්  කඩාගන්න බෑ.ප්‍රජා ශාලාවකට පර්චස් 20 ක් දෙන්න කියලා ඉල්ලුවහම බෑ කියන ආයතනය අක්කර ගණනින් දෙනවා.මේකේ යටි අරමුණ තමයි මේ දීලා තියන ඉඩමට පිටු පසින් තවත් අක්කර 200කට අධික ප්‍රමාණයක් කපගෙන තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීම.

ඒ කෑල්ලත් බොරු අවශ්‍යතා මතු කරමින් විවිධ පුද්ගලයන් බෙදා ගන්න තමයි මේ අඩිතාලම දාලා තියෙන්නේ.මේ බලපත්‍රයට අත්සන් කරලා තියෙන්නේ වන සංරක්ෂක ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක එස්.සී පාලමකුඹුර.අවසර පත්‍රධාරියා අනුරාධපුර සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.එම් ධර්මසිරි ජයවර්ධන.

මේකේ සාක්ෂිකරුවෝ තමයි ඒ.ආර්.එන් මුණසිංහ (අනුරාධපුර දිසාවන නිලධාරි) හා බී.එම්.එස් බණ්ඩාර දෙපළ.රක්ෂිත වනාන්තර රකින්න ඉන්න මහත්තුරුම මේවා කපලා විනාශ කරන්න උඩගෙඩි දෙනකොට මේ රටේ වන සම්පතේ ඉතිරි ටිකටත් දෙයියන්ගෙම පිහිටයි.මිනිස්සු සතා සිව්පාවුන්ටත් දෙවියන්ගෙම පිහිටයි යනුවෙන් ඔවුන් පැවසූහ.

මෙම ස්ථානය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වු රියදුරු පුහුණු පාසල් හිමිකරුවන් පිරිසක් මෙසේ පැවසුහ.මේක ජාතික අවශ්‍යතාවක්.රියදුරු බලපත්‍ර ගන්න එන ශිෂ්‍යන්ට ප්‍රායෝගික පුහුණුව දෙන්න තැනක් නෑ.

දැනට ඒ කටයුතු කරන හැම තැනකින්ම විරෝධය පළ කෙරෙනවා.ඒ ස්ථානවල පුහුණු කටයුතු කරන්න එපා කියලා.ඒ නිසයි අපි මෙතෙන්ට ආවේ.අපි කැලෑව විනාශ කරලා නෑ.තිබ්බ ගහ කොළ ඒ ආකාරයටම තියනවා.සතා සිව්පාවුන්ට මින් හිරිහැරයක් වෙන්නෑ යනුවෙන් ඔවුන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසා වන නිලධාරි ඒ.ආර්.ඒන් මුණසිංහ මහතා‌ ගෙන් දුරකථනයෙන් කළ විමසුමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.ඔය කියන ස්ථානය රක්ෂිතයක් නෙමෙයි.මම හොඳටම දන්නවා රක්ෂිතයක් නෙමෙයි කියලා යනුවෙන් පැවසුවේය.

nuwaragama nuwaragama nuwaragama nuwaragama

අනුරාධපුර මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….