ඇමරිකාණු ආධාර නවතා දැමීමෙන් පහර වැදුනේ NGO වලට විතරද? – පිලිප් දිසානායක

Are NGOs the only ones affected by the suspension of US aid? - Philip Dissanayake

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන සියළුම විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා වහා අත්හිටුවීමට නියෝග කර තිබේ.

ඒ අනුව ඇමරිකානු රජ්‍ය දෙපර්තමේන්තුව හා  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක කරනු ලැබූ විවිධ ව්‍යාපෘති රැසක් 2025 ජනවාරි 24 සිට 2025 අප්‍රේල් 23 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබීය.

මෙම ව්‍යාපෘති ඒ ඒ රජයන් හෝ රජයට අනුබද්ධ ආයතන සමගත්, ඒ ඒ රාජ්‍යන් හි පිහිටි පිළිගත් රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික අංශය සමගත් එක්ව ක්‍රියාත්මක වූ විවිධ ව්‍යාපෘති විය.

මේ පිළිබදව අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශයෙකු සදහන් කලේ 2023 වසරේ දී ඇමරිකාණු ආධාර යටතේ දියත් වූ විවිධ වැඩසටහන් සදහා රැපියල් බිලියන 350කට වැඩි මුදලක් ශ්‍රී ලංකාව වෙත ප්‍රධානය කර තිබූ බවත් ඉන් බිලියන 310ක් පමණ ප්‍රමාණයක් රජයට හා රජයට අනුබද්ධ ආයතන වෙතත්,  බිලියන 40කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන සමග ඇති කරගත් ව්‍යාපෘති වෙතත් ප්‍රධානය කර තිබූ බවයි.

USAID ආයතනය 1961 වසරේ සිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තාක්ෂණික පුහුණුව, කෘෂිකාර්මික සහ ජීවනෝපාය සංවර්ධනය, පරිසරය සහ ස්වභාවික සම්පත් කළමනාකරණය, පළාත් පාලනය, මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කිරීම, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, අල්ලස හෝ දූෂනය මැඩලීම, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, අනෙකුත් මානුෂීය ආධාර සහ පශ්චාත් යුද සමයේ සංක්‍රාන්තික යුක්තිය වැනි ක්ෂේත්‍රයේ වැඩසටහන් සදහා සහයෝගය දැක්වීය.

2004 සුනාමි ව්‍යවසනය සිදු වූ අවස්ථාවේ දී එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දුන්නේය. දශක තුනක් තිස්සේ පැවති බිහිසුනු යුද්ධයෙන් පසුව ඒ ප්‍රදේශයේ තිබූ බිම්බෝම්බ ඉවත් කිරීම, යුද්ධය හේතුවෙන් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින්ට ආධාර කිරීම මෙම අරමුදල් හරහා සිදු විය. 2020 -2021 කොරෝනා සමයේදීද ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 2.6 ක් සහ හදිසි සැපයුම් හරහා පරිත්‍යාග කර තිබුනි. එමෙන්ම පොහොර අර්ඹුදය හමුවේ දී ගොවීන් වෙත මෙම අරමුදල් මගින් පොහොර ලබාදීම සිදු විය. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව අර්බුදයට ගොස් සිටි දුෂ්කර අවස්ථාවන්වලදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රී ලංකාවට අඛන්ඩව සහාය ලබා දී තිබුනි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සමහර ව්‍යාපෘති වසර ගනනාවක සිට ක්‍රියාත්මක වූ අතර, එම ව්‍යපෘති තුළ දේශීය මෙන්ම විදේශීකයින්ද සේවය කළාය. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය දා මෙම ව්‍යාපෘති හදිසියේ නතර කිරීම හේතුවෙන් එම ව්‍යාපෘති වල සේවය කළ දහස් ගනනකගේ රැකියා මේ වන විට අවධානමට ලක් වී තිබේ. ජනධිපතිවරයාගේ මෙම විධායක නියෝගය හේතුවෙන් සමහර ව්‍යාපෘති තුළ කටයුතු කළ සේවකයින්ගේ සිය ජනවාරි වැටුප පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ අතර, USAID ආයතනයේ අරමුදල් ශ්‍රී ලංකාව, බංගලදේශය, ඉන්දියාව හා පකිස්ථානය ඇතුළු රටවල් 9ක දේශපාලන අස්ථාවරත්වයන් ඇති කිරීම සදහා යොදා ගෙන ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නවතම X පණිවිඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය නැවත උණුසුම් කර තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම පණිවුඩයෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවති අරගලය සදහා මෙම අරමුදල් භාවිතා වී තිබේ දැයි සොයා බලන ලෙස නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු දේශපාලඥයින් රජයෙන් ඉල්ලීම් කර තිබුනි. මේ සම්බන්ධව වැඩිදුරටත් අවධාය යොමු කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ සම්බන්ධව සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් පත්කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීක්ද කර තිබුනි.

මේ අතර, ඇමරිකාණු ආධාර ගත් බවට සැක කෙරෙන දේශපාලඥයින්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පනස්දෙනෙකුගේ ලයිස්තුවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය. එම ලයිස්තුව පදනම් කරගනිමින් සමහර පුද්ගලයින් ප්‍රවෘත්ති සාකච්ඡා ද පවත්වන ලදී. එම දේශපාලඥයින් අතරට ප්‍රබල දේශපාලඥයින් මෙන්ම දිවංගත මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක යන අයගේ නම්ද තිබෙනු දක්නට ලැබුනි.

සමාජ මාධ්‍ය තුළ සැරිසරන මේ ලේඛනය සම්බන්ධව පසුගියදා factcrescendo ආයතනය විසින් සොයා බැලීමක් සිදු කර තිබුනි. එම ආයතන පවසන්නේ මේ ආකාරයේ නම් හෙලිකිරීමක් ඇමරිකාවේ වගකිව යුතු කිසිදු ආතයනයක් විසින් මෙතෙක් හෙලිකිරීමක් සිදු කර නොමැති බවයි. ඒ සම්බන්ධ වැඩි දුර තොරතුරු පහත ලින්කුව ඔස්සේ ලබා ගත හැක.

USAID හරහා මුදල් ලබා ගත් මෙරට දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් හෙළිකරල ද?

නමුත්, මේ වන විට එලොන් මාස්ක් ගේ මුලිකත්වයෙන් පිහිටුවා ඇති DOGE (Department of government efficiency) ආයතනය විසින් ලොව පුරා ආයතන 35ක් මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 199ක් නතර කර ඇති  බව DOGE ආයතනය විසින් නිකුත් කළ X පණිවුඩයක සටහන් වී තිබුනි. එම ව්‍යපෘති අතරින් ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති බව DOGE ආයතනය නිකුත්කල නිවේදයේ සදහන් වේ.

https://x.com/DOGE/status/1888046273543979183

ඒ අනුව, අසියා පැසිෆික් – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහ හා වෙනස්කම් සන්නිවේදනය කරන අන්තර් සංස්කෘතික සන්නිවේදනය විවිධත්වය කවය නැමති වැඩසටහන් දෙක ක්‍රියාත්මක කිරීම මේ වන විට නිල වශයෙන් නතර කර ඇති බව වාර්තා වේ.

ඉහත ව්‍යාපෘති දෙකට අමතරව ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය නොවන සංවිධාන මගින් ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියක් මෙතෙක් අවසන් කර නොමැති බව පැවසේ. නමුත්, ඇමරිකාණු ජනාධිපතිවරයාගේ නව ප්‍රථිපත්තිවලට අනුකූල නොවන වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වන බවත්, එ් පිළිබදව අධ්‍යයනය කිරීමෙන් පසුව තීරණයන්ට එලඹීමට නියමිත බවත් පැවසේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….