ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලට මුදල් ප්‍රවාහනය කරන දිවයිනේ ප්‍රසිද්ධ සමාගමක හිටපු රියදුරෙකු වන කටියාව එප්පාවල හා පල්ලම පුත්තලම ලිපිනයන් හි පදිංචි විවාහ තුනක් සිදුකරගෙන සිටිනා බව කියන විසි නව හැවිරිදි අයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්.කේ යසරත්න මහතා කියා සිටියේ සැකකරු අනුරාධපුර හෙද විදුහළ ආසන්නයේ පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය බිදීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරමින් සිටියදි ඔහු පොලොන්නරුව මින්නේරිය යුදහමුදා කදවුර ආසන්නයේ වූ ටෙලර් යන්ත්‍රය බිද රුපියල් ලක්ෂ 70ක් සොරා ගැනීමට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.

සැකකරු බැංකු ටෙලර් යන්ත්‍ර සදහා මුදල් රැගෙන යන ආයතනයක රියදුරෙකු වශයෙන් කලක් සේවය කර තිබෙනා බවත් ඔහු ගෑස් කටර් ඇතුළු මෙවලම් යොදා ගෙන ටෙලර් යන්ත්‍ර අළුත් වැඩියා කරනා ආකාරයට ඒවායේ සේප්පු බිද තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.අනුරාධපුර හෙද විදුහල ආසන්නයේ පිහිටි යන්ත්‍රය බිදීමට ඔහු ගත් උත්සාහය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැලකි ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකරු විසින් කුඩා ලොරි රථයකින් මේවලම් රැගෙන ගොස් ටෙලර් යන්ත්‍ර බිද තිබෙනා බවත් ඒ ඔස්සේ කළ පරික්ෂණ වලදි මින්නේරියේ මෙන්ම අනුරාධපුරයේ ටෙලර් යන්ත්‍ර බිදීමට ඔහු සම්බන්ධවි ඇති බව තහවුරු කරගෙන පුත්තලම පොලිස්වසමේ පල්ලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකරු විසින් සිදුකළ ටෙලර් යන්ත්‍ර බිදිමෙන් පසුව එම සේප්පුවේ තිබි රුපියල් ලක්ෂ 70ක් සොරා ගෙන ඇති බවත් එම මුදල් වලින් රුපියල් ලක්ෂ 24ක් උපයෝගි කරගෙන කුඩා ලොරි රථයක් තවත් රුපියලක් ලක්ෂ නමයක් යොදාගෙන අධිවේගි යතුරු පැදියක් හා නිවසට අවශ්‍ය උපකරන රැසක් මිලදි ගෙන ඇති බවත් ඒවා නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනා බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි සැකකරු නිවසේ සගවා තිබී සොරාගත් මුදලින් රුපියල් 29ලක්ෂ අසූ දහසක් පොලිසිය සොයා ගෙන තිබෙනා බවත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ විමර්ශනයක් සිදුකරනා බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

පොලොන්නරුව මින්නේරිය යුද හමුදා කදවුර ආසන්නයේ වූ මුදල් යන්ත්‍රය බිදීම සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසියට අවශ්‍ය සිටින සැකකරු ඉදිරි නඩු දිනයේදි පොලොන්නරුව අධිකරණයේ පැවත්වෙන හදුනා ගැනීමේ පෙරට්ටුවට අවශ්‍ය බැවින් ඔහුව ආවරණ සහිතව ඉදිරිපත් කරනා ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි රෝහණ පී අජිත් මහතාට නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි දිනයේදි වැඩිදුර වාර්ථාවකින් අධිකරණයට කරුණු වාර්තා කරනා ලෙස විනිසුරුවරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ජී විදානගමගේ  පොලිස් සැරයන්වරුන් වන අනුර 31154 චන්දන 16446 ප්‍රියන්ත 37452 පොලිස් කොස්තාපල්වරුන් වන ගුණසේන 35532 අජිත් 70066 යන නිලධාරින් විමර්ශන සිදුකර තිබුණි.

anuradapura anuradapura

 

අනුරාධපුර මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….