නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Journalists for Rights press Balance public interests and rights when bringing new laws, Journalists for Rights say

රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතීඥ දුලාන් දසනායක මහතා 2024 අප්‍රේල් 8වැනි දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවටයි, මෙවැනි නීති ප්‍රමාණයක් ඉදිරිපත් වෙන්නේ. නීතිඥවරුන්ගේ හමුවීමකදී ජනාධිපතිවරයා පවසා තිබුණේ තවත් නව නීති 40-50 අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

“රජය මෑතදී සම්මත කළ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත විවාද සම්පන්න පනතක්. එම පනත ඉදිරිපත් වු අවස්ථාවේදී අයිතීන් උදෙසා මාධ්‍යවේදීන් වන අප විසින් ඒ පිළිබඳව අපගේ අදහස ඉදිරිපත් කළා. එවැනි නීති ගෙන ඒමේදී මහජනතාව, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කීරීම කළ යුතුයි. මහජනතාවගේ ජීවිතවලට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන නිසා යම් නියාමනයක් අවශ්‍ය බවත් අප ප්‍රකාශ කළා. ඒ වගේම එවැනි නීතියක් පැනවීමේදී මහජනතාවගේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස රැකෙන පරිදි සිදුවිය යුතු බව ද පැවසුවා.

“අයිතිය උදෙසා මාධ්‍යවේදීන් ඉල්ලා සිටි පරිදිම මෙම පනත සංශෝධනය කිරීමට යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙන අතර පාර්ලිමේන්තුවේදී එම සංශෝධන සහිතව නව පනත සම්මත වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.

“පනත් සම්මත කිරීමේ දී මෙවැනි ගැටලු මතුවන්නේ රජයක් ලෙස මහජනතාව සමඟ සාකච්ඡාවකින් තොරව හදිසියේ පනත් සම්මත කිරීමට යෑම නිසයි. පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ අදාල පනත ව්‍යවස්ථාවට පටහැනි ද යන්න විමසීම පමණයි. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සමග බැඳුණු මෙම නීති රීති මගින් ඔවුන්ගේ ජීවිතෙවලට සිදුකරන බලපෑම ගැනත් රජය විමසිලිමත් විය යුතුයි.

“ලිංගික සම්බන්ධතාවලදී කැමැත්ත දැක්වීම සම්බන්ධ වයස් සීමා සහ තවත් කරුණු සංශෝධනය කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ඉදිරිපත් වී තිබේ. රජයේ ආයතනයන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව පනත් කෙටුම්පත් ඉදිරිපත් වන බවට මෙය හොඳ උදාහරණයකි. මෙම පනත සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පවා තමන්ගේ විරෝධය දක්වා ඇත. ඒ සමඟ සමාජයෙන් පැමිණි විරෝධතා හේතුවෙන් එම කෙටුම්පත ඉවත් කර ගැනීමට රජයට සිදුවිය. මෙවැනි ගැටලු සහගත තත්ත්වයන් මතුවීම තුළින් සමහර පනත්වල ඇති සාධනීය කරුණු මතු නොවනවා පමණක් නොව පනත් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට ද සිදුවේ.

“දුෂණ මර්ධන පනත රජය ගෙන ආ වැදගත් පනතක්. දූෂණයන් ගැන සමාජයේ මහජනතාව, විද්වතුන්, නීතිඥයින්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතර විශාල සංවාදයක් තිබුණු අතර ඒ නිසාම විශාල ජනතා සහභාගිත්වයක් ඇති පනත සකස් වුණා. රටේ ප්‍රධාන නීතිඥවරුන්ගේ ද සාකච්ඡාවක් එම පනත ගැන ඇති වුනා. පාර්ලිමේන්තුවේදී ද ප්‍රමාණවත් සාකච්ඡාවක් පනත සම්බන්ධයෙන් ඇති වුනා.

“සත්‍යය, සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාකච්ධාවක් ඇති විය යුතුය.

“සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ද ගැසට් කර තිබේ. මෙම පනත තවමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැත. කලින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි වූ වගන්ති කීපයක් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් සමාජය තුළින් මතුවිය. හදිසි නීතිය යටතේ තිබූ යම් නීති සාමාන්‍ය නීතියට එක් කිරීම එම විරෝධතාවයන්ට මතුවීමට හේතු විය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි පාපොච්චාරණයන් සාක්ෂි ලෙස භාවිතා කිරීමට නොහැකි වීම, මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට සිදුවීම, මහේස්ත්‍රාත්වරුන්ගේ මැදිහත්වීම වැඩි කිරීම වැනි සාධනීය කරුණු ද තිබුණු නමුත් මෙම නිශේධනීය කරුණු හේතුවෙන් දැඩි විරෝධයක් ඇති විය.

2024 අප්‍රේල් මස 08 වන දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ මහ සභා වාරයෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සභාපති අජිත් පැරකුම් ජයසිංහ, භාණ්ඩාගාරික රෝහණ සිරිවර්ධන, ජාතික සංවිධායක ජනුර් කිචිලාන් ඇතුළු පිරිසක් ද අදහස් දැක්වූහ.

English Translation in Daily Reporter: https://www.dailyreporter.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….