වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලාන උතුර සහ අගුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වසා දැමීමට කටයුතු කර තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7දෙනෙකුත් වාර්තා විය.
ඒ අනුව මොරටුව නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ.






