තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සංවිධානවල දැඩි අවධානය!

Chairman of the Information Commission

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ

– වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී

දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව  පසුවූ  සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම   නිසැකවම අප රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා රාජ්‍යකරණයේ නිර්දේශපාලනිකත්වය කෙරෙහි ආශක්ත පුරවැසි සමාජයේ ජයග්‍රහණයකි.

ඊට සමගාමීව ස්ථාපිත පළමු කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූරකාලය  නිමාවීමත් සමඟ අභිනව කොමිෂන් සභාවක් පත්කොට ඇත්තේය. ඒ පසුගිය වසරේ සම්මත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව පිහිට වූ පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණ හා ජනාධිපතිවරයාගේ අභිලාශ පරිදිය.

එලෙස ප්‍රතිෂ්ඨාපිත දෙවැනි කොමිෂන් සභාවේ සාමාජික තෝරාගැනීම් පිළිබඳව අප වෙසෙස් අවධානයක් දක්වන ලද්දේ මෙකී සුවිශේෂී ක්‍ෂේත්‍රයෙහි දිගුකලෙක පටන් නියැළුණු හා එහි ප්‍රගතිය උදෙසා කැපවූ පිරිසක් ලෙසිණි.

ඒ අනුව අප ඉහත කී මාධ්‍ය නිවේදනය හා එකඟව අස්සන් තබන ලද්දේ  අභිනව කොමිෂන් සභා සභාපතිවරයා අදාළ තනතුරට පත්කිරීම අයෝග්‍ය හා අනුචිත තීරණයක්ය යන අපගේ ස්ථාවරය තහවුරු කිරීමේ එක් පියවරක් ලෙසිණි.

එකී ස්ථාවරය අද ද නොවෙනස්ව පවත්නා අතර ඉහත කී මාධ්‍ය නිවේදනයේ මුඛ්‍ය අරමුණද එයම විය.

එහිලා තම වෘත්තීමය මැදිහත්වීම හමුවේ ප්‍රශ්ණගත තැනැත්තෙක් බවට පත්ව ඇති සභාපතිවරයා වෙනුවට නව සභාපතිවරයෙක් පත්කිරීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු වෙනස්කමක් ය යන්න අවිවාදිතය.

එමෙන්ම  එකී නිවේදනයෙහි තැනෙක, සමස්ත කොමිෂන් සභාවෙහි නැවත පත්කිරීමක් පිළිබඳව සලකා බලන ලෙස ද ජනාධිපතිවරයා වෙත යෝජනා  කොට ඇත්තේය එවැනි යෝජනාවක් සඳහා පදනම්වූ  කේන්ද්‍රීය කරුණ වූයේ,  දැනටමත් එහි එක් සාමාජිකයෙකු ඉල්ලා අස්වීමෙන්  පුරප්පාඩුව පවත්නා සාමාජික ධූරය සහ රටෙහි ප්‍රධාන ජනවර්ග හා අනෙකුත් අවදානම් සහගත මෙන්ම අඩු අවස්ථාලාභී ජනප්‍රජාවන් හා කණ්ඩායම් නියෝජනයෙහිලා සුදුසු තැනැත්තෙක් ද කොමිෂන් සභාවෙහි රැඳී සිටීම වඩාත් උචිතය යන ස්ථාවරය ඔස්සේය.

පෙර මාධ්‍ය නිවේදනයෙහි කොමිෂන් සභා ව්‍යුහය නැවත ස්ථාපනය කල යුතුය යනුවෙන් අදහස් කරන ලද්දේ එකී කරුණයි. යටත් පිරිසෙන් මෙවන් පත්කිරීම් අභියස  මෙරටේ ස්ථාපිත භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි යම් සාධනීය සැලකීමක් දැක්වීම රජ්‍යකරණයේදී පළකළ හැකි වටිනා ආදර්ශයක් හා යහපත් පරිචයකි.

එහිලා අප දැනටමත් ප්‍රතිෂ්ථාපිත කොමිෂම සඳහා පත්කොට ඇති සෙසු සාමාජිකයන් කෙරෙහි කිසිදු විරෝධයක් පළ කොට නැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව අප පෙර එළිදැක්වූ නිවේදනයට වැඩිමනත් ලෙස මෙම අතිරේක කරුණ අප මතුකරන ලද්දේ ඉහත පැහැදිළිව සඳහන් කරන ලද පරිදි කොමිෂන් සභාව නැවත ස්ථාපනය කිරීම හා සබැඳිව සිදුකර ඇති යෝජනාව පිළිබඳව විවිධ පාර්ශව අපගේ ස්ථාවරය විමසීම වෙනුවෙන් ලබාදෙන පිළිතුරක් ලෙසය.

ඒ අනුව අප ආරම්භයේ පටන් දරන ස්ථාවරය වන්නේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙහි චිර පැවැත්ම හා කීර්තිමත් කාර්යයභාරය ආරක්ෂා කරගැනීම අරඹයා  ඊට ඉහළ සමාජ පිළිගැනීමක් හා නිසි සමාජ ගෞරවයක් දිනාගත් සුපිළිපන්න තැනැත්තෙක් සභාපතිවරයා ලෙස පත්කල යුතුය යන්නයි.

අස්සන් කළේ:

පිලිප් දිසානායක – විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය

රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්‍යක්ෂ, පැෆ්රල් සංවිධානය

ලයනල් ගුරුගේ – ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

නිශාන්ත ප්‍රීතිරාජ් – ජාතික සංවිධායක, ජාතික දේශෝදය සභාව

මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….