ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, හිඟ බිල්පත් ගෙවීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.






