grade-5

ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත.

ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබයි.

ඇත්තමට හරිම සතුටුයි මේ ලැබුණ ජයග්‍රහණය ගැන. මගේ අම්මාගේ යාළුවෙක් තමයි අපිට මුලින්ම ප්‍රතිළුල ගැන කිව්වේ. එයා තමයි කිව්වේ මට ලකුණු 200 යි කියලා.

මෙසේ තම සතුට වචන වලට පෙරලුවේ සියති විතුම්සා දියණියයි. අද ඇය වාර්තාවක් පිහිටුවා අවසන්ය. ඇගේ ඒ ජයග්‍රහණය ගැන ඇය මෙසේ ද පැවසීය.

මම එක වසරේ ඉදලම ගියේ සංඝමිත්තා විද්‍යාලයට මගේ පලමු වසෙර් මිස් දිස්නා මිස් ඊට පස්සේ කුමුදු මිස් සහ හතර පහ වසර වල මට ඉගැන්නුවේ ලලිත් රණවීර සර් මේ හැමෝන්ගෙම උදව් ලැබුණා මට මේ ජයග්‍රහණයට. මම පාසලේ පරිසර . චෙස් ඇතුළු කණ්ඩායම් වල ඉන්නවා.

ඒ අතර සාමාන්‍ය පරිදි මගේ වැඩ ටික කරගෙන ගියා මගේ තාත්තා ඉන්දික කරුනාතිලක, අම්මා නිලන්ති දීපිකා මේ දෙන්නාම මගේ පස්සෙන්ම ඉදගෙන මට හැමදේටම උදව් කරා. ඒ වගේම මගේ මල්ලී , ආච්චිමගේ නෑදෑයින් සහ අසල්වාසීන් ඇතුළු සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා.

ඒ වගේම මගේ පාසල ගාල්ල සංඝමිත්තාව ට වගේම විදුහල්පතිනිය වන චාන්දනී උඩකුඹුර මහත්මියත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ඒ වගේම මම සහභාගී වු පෞද්ගලික පංති වල ගුරුමහත්ම මහත්මීන් ද මේ ජයග්‍රහණයට හේතුවක් වුනා.

එසේ තමන්ගේ ජයග්‍රහණය ගැන කෙටියෙන් අප සමඟ කී සියති විතුම්සා කරුණාතිලක සිසුවිය සිය අනාගත බලාපොරාත්තුව ලෙස පැවසුවේ ඉංජිනේරුවෙක් වී රටට සේවයක් කරනා බවයි.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ ඒ.ඩබ්ලිව්.ඒ නිමල්

Similar Posts