පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!

sri jayawardanapura

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ  වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ පිළියන්දල, මාවිත්තර, ප්‍රදේශයේ පදිංචිව සිටී දෙදරු පියෙක් වන එන්.ජී.සී.කේ ගමගේ නැමැති (55) වැනි වියේ පසුවූ ව්‍යාපාරිකයෙක් වන බවත් පොලිසිය පවසයි.

පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අංගොඩ අයි ඩී එච් රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත යොමුකල බවත් එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා ලබාදුන් ලබා දුන් ඖෂධ වර්ගයක් විෂ  වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පරීක්ෂණ වාර්තා ලැබී ඇති බවත් පොලීසිය පැවසීය.

මෙම  සිදුවීම  පිළිබඳව මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් පුතු වන කලන නුවන් හැඬූ කදුලින් මෙසේ පැවසීය.

“පසුගිය 13 වනදා රාත්‍රියේ තාත්තාට හුස්ම ගන්න අපහසුතාවයක් සහ ගැස්ට්‍රයිටීස් වැඩි වීම නිසා අපි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගියා. එතනදී රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තාත්තා කොවිඩ් ආසාදිතයි කියලා හඳුනා ගත් නිසා  එදින රාත්‍රියේම තාත්තාව කොවිඩ් ආසාදිත වාට්ටුවට ඇතුළත් කළා. අවදානමක් අරගෙන තාත්තාට තිබුන ආදරය නිසාම මමත් තාත්තාත් එක්කම රෝහලේ තාත්තාව බලා ගන්න නතර වුනා. පසුව 14, 15, 16 දවස් වල තාත්තා  අමාරුවක් නැතිව හොඳ තත්වයෙන්  හිටියා. වාට්ටුවේ වෛද්‍යවරයාත් තාත්තාව පරික්ෂා කරල බලල කිව්වා තාත්තාට සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි තියෙන්නේ කියලා. හැබැයි ඒ අතරතුරත් තාත්තාට ගැස්ට්‍රයිටීස් අමාරුව තිබුණා. තාත්තා වකුගඩු රෝගියෙක්, දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග තිබුණා. අපි මේ සේරම රෝග ගැන රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන්  දැනුවත් කරලා තිබුණේ.

තාත්තා බොන බෙහෙත්, පරණ රෝග වාර්තා සියල්ලම වෛද්‍යවරුන්ට අපි ලබා දීලා තිබුනේ 16 වෙනිදා රෑ තාත්තාට ගැස්ට්‍රයිටීස් වැඩි වුනා. මම ඒ ගැන වෛද්‍යවරුන් දැනුවත් කලාම තාත්තාට ඔක්සිජන් ලබා දුන්නා. 17 වෙනිදා උදේ වාට්ටු බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා පැමිණියාම මම ඔහුගෙන් ඉල්ලා සිටියා තාත්තා ගේ බඩ පිපිලා වගෙ නිසා බඩේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට. නමුත් තාත්තා කොවිඩ් රෝගියෙක් නිසා සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරන යන්ත්‍ර වලින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි නිසා ඔහු පැවසුවා අපි බෙහෙත් කරලා බලමු කියලා. පසුව ලේ සහ මූත්‍රා පරීක්ෂණ කිහිපයක්ම සිදු කලා. ඒ වගේම එම ප්‍රධාන වෛද්‍යවරයා මගෙන් ඇහුවා එන්නතක් තියෙනවා ඒක පිටින් ගෙනත් දෙන්න පුලුවන් ද ඒක ලබා දුන්නොත් දින දෙකකින් වගේ මේ ලෙඩේ හොඳ වෙයි කියලා.

තාත්තා ව සනීප කරගන්න තියෙන අවශ්‍යතාවය නිසාම මම කිව්ව මම දැන් වුණත් ඒක ගෙනත් දෙන්නම් කියලා. එතකොට ඔහු කිව්වා  මේ බෙහෙත ලංකාවේ ෆාමසී වල නෑ මම වට්ස් ඇප් අංකයක් දෙන්නම් ඒකට කතා කරලා ගන්න කියලා. පසුව මම ඒකට කතා කරලා බෙහෙත ලියපු කොලේ වට්ස් ඇප් කරාම මට පැය භාගයක් වගේ ඇතුළත රෝහලටම බෙහෙත් ගෙනත් දුන්නා. මම ඒ වෙනුවෙන් රුපියල් 21000/= ගෙවුවා. ඒකේ බිල්පත් සියල්ල මගේ ගාව තියෙනවා. ඒ බෙහෙතේ කුප්පි 6ක් තිබුනා . පසුව එදින සවස සේලයින් බෝතලයක සේලයින් සමග ඒ බෙහෙත් තාත්තාට ලබා දුන්නා. ඒ සේලයින් බෝතලයේ මම මිලදී ගත්ත බෙහෙතේ නම සඳහන් කරලා තිබුනා.

ඒ සේලයින් බෝතලේ තාත්තා ගේ අතට සම්බන්ධ කරලා තිබුණු කට්ටෙන් බිංදු දහයක් ගියේ නෑ තාත්තා දත්මිටි කාගෙන දඟලන්න ගත්තා. එතකොටම ඒ බෙහෙත ලබා දුන්න හෙද නිලධාරිනිය කෑගැහුවා ලෙඩාට දීපු බෙහෙත ඇලජික් වෙලා ඇලජික් වෙලා කියලා. මුළු වාට්ටුවම ඒ වෙළේ කලබල වුනා. ඒ වෙලාවේ  වෛද්‍යවරියන් දෙදෙනෙකු ඇවිත් තාත්තාව පරීක්ෂා කළා. පසුව ප්‍රධාන වෛද්‍යවරයාත් ආවා. ඔවුන් තාත්තාට හයිප්‍රෙශර් ඔක්සිජන් මාස්ක් එකක් දැම්මා. මම ඒ වෙලාවේ දැක්කා තාත්තා ගේ කටින් ලේ ගලනවා. තාත්තා නැගිටලා දඟලලා මාස්ක් එක අයින් කලා. පස්සේ එයාගේ කටින් රෝස පාටට දියරක් මගේ දෙයක් පිටවුනා. ඒත් එක්කම තාත්තා ඇඳ  මතට වැටුනා එපමණයි සිදුවුණේ ඉන්පසු වෛද්‍යවරුන් කිව්වා කලබල වෙන්න එපා පොඩ්ඩක් මෙහාට එන්න කියලා තාත්තා නැති වෙලා තියෙන්නේ එයා ගෙනාපු ආයුෂ එච්චරයි කියලා බෙහෙත විදින්න කලින් හොඳට තාත්තා හිටියා මේ විදපු බෙහෙත විෂ වෙලා තමයි මගේ රත්තරන් තාත්තා නැතිවුනේ වෛද්‍යවරුන් ඇයි මේ වගේ නොසැලිකිලිමත් අන්දමින් ක්‍රියා කරන්නේ කියලා අපේ පවුලෙ හැමෝටම  ලොකු සැකයක් පවතිනවා.

“අපි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිලලක්ද කරා. මේක රෝහලේ වෛද්‍යවරුන්ගේ වරදක්. දැන් තාත්තා නෑ. අපිට කරුණාකරලා සාදාරණයක් ඉටු කරලා දෙන්න යැයි මියගිය පුද්ගලයාගේ පුතුනුවන් හැඬූ කඳුළින් පැවසීය.

මෙය  කොවිඩ් ආසාදිත මරණයක් හේතුවෙන් දේහය ඥාතීන් වෙත බාරදීම සිදු කර නොතිබූ අතර පරීක්ෂණ කටයුතු  අවසන් නොමැති බැවින් දේහය (20) වන දින මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කෝවිල් රෝගීන්ගේ දේහයන් භූමිදානය කරනු ලබන සුසාන භූමියේදී සිදු කරන බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා ඇතුළු සුළු පැමිණිලි අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

 

 

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….