ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට

gaslabu

රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති.

මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස් ඇති බව ඔවුන් පැවසූහ.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම තම්මැන්නාව ඇතුළු ගොවිබිම් රැසක වගාකල ගස්ලබු පැල දස දහස් ගණනක් පොහොර නොමැතිවීමෙන් විනාශ වෙමින් පවති.

ඇතැම් ගස් වැඩි ඵළ හටගෙන ඇතත් අපේක්ෂිත අස්වැන්නෙන් සියයට හැත්තෑවක් පමණ අහිමිවි ඇති බව ගොවින් පැවසූහ.ඊට අතමතර මීට මාස තුනකට පමණ ඉහතදි වගාකළ ඇතැම් ගස් පොහොර හිගවීමෙන් වර්ධනය සම්පුර්ණයෙන්ම බාලවි ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිට මැදවච්චිය පෙරියකුලමේ වගාවල නිරතවන චමින්ද ගොවි මහතා.

තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තමයි වැඩිම ගස්ලබු ගොවින් ඉන්නේ.මම කිලෝමීටර් 75ක් දුර ඇවිල්ලා මැදවච්චිය පෙරියකුලම ප්‍රදේශයේ තමයි වගාව සිදුකරන්නේ.වසර 15ක කාලයක් තිස්සේ වගාව සිදුකරමින් රටට බරක් නැතිව ජීවත් වෙච්ච අපි අද වෙනකොට රටටම ණයකාරයෝ වෙන තත්වෙට පත්වෙලා.

මේ සැරේ වගාවට රුපියල් ලක්ෂ 17ක් ගත්තා ගෙයයි ඉඩමයි බැංකුවට උකස් කරලා.මේ වගා බිමට තමයි ඒ මුදල් වැයකරේ.මීට මාස හතරකට විතර ඉහතදි හිටවපු ගස්ලබු වගාවේ ඵළදාව නෑ.දැඩි නයිට්රජන් ඌනතාවක් තියනවා.ඵලදැරීම සියයට 70කින් විතර අඩුවෙලා.

තව අක්කරයක් ගස්ලබු පැළ වගාකලා දැන් මාසයකට අධික කාලයක් ගිහිල්ලත් අඩියක් උස යන්නෑ.මහින්ද රාජපක්ෂ මහත්තයත් පොහොර දෙන්නෑ දෙන්නෑ කියලා එතුමාගේ පාලන සමයේ නැවත රසායනික පොහොර දුන්නේ මේ වගාවන් කරන්න බෑ කියලා තහවුරු කරගත්ත නිසා.

අපේ රටේ අපේ පොළවට හරියන කිසිම බීජයක් නෑ.ඒවා ඔක්කොම විනාශ කරලා මැලේසියාව තායිලන්තය වැනි රටවල් වලින් හයිබ්‍රිඩ් බීජ අපේ රටට එවනවා.මේ කාබනික පොහොර දාලා ඒවා වවන්න බෑ.අපි පොඩි කාලයේ ගස්ලඹු ගෙඩිය කාලා ඇට ටික මිදුලට වීසිකරාම එක යායට ගස් පැලවෙලා ඵල දරනවා.

අද පිටරටින් බීජ ගෙනල්ලා අපිට කියනවා කාබනික පොහොර වලින් වවන්න කියලා.කාබනික පොහොර දාලා මාසයක් වෙනවා කිසිම ගහක් වර්ධනය වෙන්නේ නෑ.නයිට්රජන් නැතුව මේ ගස්වල ඵළදාව ලැබෙන්නේ නෑ.

අපේ දුක කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට කිවුවම අපිට කියනවා අපිට ගොඩ ගොවියා ගැන වැඩක් නෑ කියලා.මම මීට ඉස්සර හුණුපිටිය පොහොර ගබඩාවේ වැඩකලේ.ඒකේ තියන පොහොර තොග රටපුරා බෙදලා එක අවුරුද්දකට ඉවර කරන්න බෑ.කෝ එතකොට ඒ පොහොර කොහෙටද ගියේ.කළු කඩකාරයෝ ළග පොහොර තියනවා.ඒවා රුපියල් 3500-4500යි මිල.නමුත් අපිට දෙන්නේ නෑ.

හයිබ්‍රිඩ් පොහොරක් ඇවිල්ලා තියනවා ඒ පොහොර ගහන්න එක මුරයකට රුපියල් 125000ක් විතර යනවා අපි කොහොමද මේවා කරන්නේ.මේ වගාවෙන් අස්වැන්න ගන්නවත් පොහොර ටික දෙන්න.ඊට පස්සේ නවත්තලා දාන්න.අපිත් වගාකිරීම නවත්තලා දානවා.

අපි කුලියට ඉඩම් රගෙන වගාකරලා ළිං කපලා මේ ඉඩම් අයිතිකාරයන්ට පොල් වවලා දීලා ඔවුන්ගෙ ආර්ථිකයත් ශක්තිමත් කරනා මිනිස්සු යනුවෙන් ගොවි මහතා පැවසුවේය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම තම්මැන්නාව ඇතුළු ප්‍රදේශවල ගොවින් අක්කර සිය ගණනක ගස්ලඹු වවා ඇතත් මේවනවිට එම ගස්ලබු වගාවන් පොහොර නොමැතිව අතහැර දමා තිබෙනා අයුරු නිරික්ෂණය කර ගැනීමට හැකිවිය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….