රන්මාල කොල්ලකා පලාගිය සැකකරුවන් පොලීසියට කොටුවේ (පින්තූර)

ranmala-kollaya

මිරිහාන, අතුරුගිරිය, මුල්ලේරියාව හා බොරලැස්ගමුව යන පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී (31) දින කොල්ලකා තිබූ රන් භාණ්ඩ කීපයක් කීපයක්ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

අත්අඩංගුවට පත්වු එක් සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බවත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් පිළිබඳව පොලිසියට පැමිණිලි රාශියක් ලැබී තිබූ බවත් ඒ අනුව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

කොල්ලකෑම සඳහා උපයෝගී කරගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව යන ප්‍රදේශයන්හි රන්මාල කොල්ලකෑම් හා කාන්තා අත්බෑග් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මීට පෙර එම ප්‍රදේශයන්හි අදාළ පොලිස් ස්ථාන වලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගතව සිට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ නැවත එම ක්‍රියාවෙහි ම යෙදෙන පුද්ගලයන් දෙදෙනෙක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් මස (15) වැනි දින මිරිහාන පොලිස් වසමේ ධර්මරත්න මාවත මාර්ගයේ ගමන් කරමින් සිටී කාන්තාවක් බිම පෙරළාගෙන ගෙල බැඳි රන්මාලය කොල්ලකා කාන්තාවට පා පහරවල් කිහිපයක් එල්ල කරන අයුරු සිද්ධිය සිදුවු ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් දෙදෙනා 32 සහ 41 වැනි වියේ පසුවන අතර පසුවන මොණරාගල, බඩල්ගම ප්‍රදේශයේ සහ ඉංගිරිය, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටින අය බවට පරීක්ෂණවලදී හඳුනාගත් බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ .කේ .ජි හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුමින්ද ජයලත් ,පොලිස් සැරයන් 10810 කපිල කුමාර පොලිස් කොස්තාපල්වරුන් වන 69080 ප්‍රමිල, 76917 සෙනෙවිරත්න, 93377 ත්‍රිමාන්න, 37256 දයාරත්න, පොලිස් කොස්තාපල් රියදුරු 93302 දයාරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවපවත්වනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….