ranmala-kollaya

මිරිහාන, අතුරුගිරිය, මුල්ලේරියාව හා බොරලැස්ගමුව යන පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී (31) දින කොල්ලකා තිබූ රන් භාණ්ඩ කීපයක් කීපයක්ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

අත්අඩංගුවට පත්වු එක් සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බවත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් පිළිබඳව පොලිසියට පැමිණිලි රාශියක් ලැබී තිබූ බවත් ඒ අනුව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

කොල්ලකෑම සඳහා උපයෝගී කරගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව යන ප්‍රදේශයන්හි රන්මාල කොල්ලකෑම් හා කාන්තා අත්බෑග් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මීට පෙර එම ප්‍රදේශයන්හි අදාළ පොලිස් ස්ථාන වලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගතව සිට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ නැවත එම ක්‍රියාවෙහි ම යෙදෙන පුද්ගලයන් දෙදෙනෙක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් මස (15) වැනි දින මිරිහාන පොලිස් වසමේ ධර්මරත්න මාවත මාර්ගයේ ගමන් කරමින් සිටී කාන්තාවක් බිම පෙරළාගෙන ගෙල බැඳි රන්මාලය කොල්ලකා කාන්තාවට පා පහරවල් කිහිපයක් එල්ල කරන අයුරු සිද්ධිය සිදුවු ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් දෙදෙනා 32 සහ 41 වැනි වියේ පසුවන අතර පසුවන මොණරාගල, බඩල්ගම ප්‍රදේශයේ සහ ඉංගිරිය, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටින අය බවට පරීක්ෂණවලදී හඳුනාගත් බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ .කේ .ජි හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුමින්ද ජයලත් ,පොලිස් සැරයන් 10810 කපිල කුමාර පොලිස් කොස්තාපල්වරුන් වන 69080 ප්‍රමිල, 76917 සෙනෙවිරත්න, 93377 ත්‍රිමාන්න, 37256 දයාරත්න, පොලිස් කොස්තාපල් රියදුරු 93302 දයාරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවපවත්වනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts