ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද සමරයි.

සැප්තැම්බර් 4 වන දින එම සමාගම සංස්ථාපිත කරන ලද නමුත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සැප්තැම්බර් 27 වන දින සිය උපන්දිනය සමරනු ලබයි.

සිය උපන්දිනය සමඟ Google සිය නාමය google 25 බවට පරිවර්තනය කර ඇත.

මීට වසර 25 කට පෙර එනම් 1998 google සෙව්ම ආරම්භ කළේ කැළිෆෝනියා උප නගරයක ගරාජයකිනි.

ගූගල් සමාගම 1998 සැප්තැම්බර් 4 වන දින අමෙරිකානු පරිගණක විද්‍යාඥයන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන්ව සිටියදී ආරම්භ කරන ලද්දකි.

නමුත් නිල වශයෙන් ගූගල් උපත ලැබුවේ 1998 සැප්තැම්බර් 27 වැනිදා යි.

මේ වන විට Google සමාගම මහද්වීප 06 ක කාර්යාල සහ දත්ත මධ්‍යස්ථාන පිහිටා ඇත.

Similar Posts