ranil

ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ.

ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වයක් හඳුනා නොගැනීම නිසා රට මෙවන් අර්බුදයකට මුහුණ දී සිටින බවත් විපස්සී හිමියෝ පැවසූහ.

පැල්පොල විපස්සි හිමියන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.

මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිවරයා එක් විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Similar Posts