මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

nandalal

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය.

ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ,

“ප්‍රශ්නය වන්නේ අපට කෙතරම් ඉක්මනින් ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීරණ කොට, අහිමි වූ ඵලදායිතාව ගොඩනැගිය හැකිද යන්නයි. ඒ සියල්ල රඳාපවතින්නේ වැදගත් යැයි හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණ බලධාරීන් විසින් කෙතරම් සාර්ථකව ක්‍රියාවට නංවන්නේද යන්න මතයි.”

“ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව, ආර්ථිකය ස්ථාවරකොට ඉදිරියට ගෙනයාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් උදානොවේවි.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබාගත හැකිවුවත් එය තාවකාලික සහනයක් පමණයි. වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් අප නැවතත් එම චක්‍රයටම පිවිසීම වැළැක්විය නොහැකියි.”

“මේ සම්බන්ධයෙන් ජනතාව, දේශපාලනඥයින් සහ නොයෙක් ක්ෂේත්‍රවලින් එල්ලවන විරෝධය අපට වටහාගත හැකියි. අපට මේ තත්ත්වයට මුහුණදීමට වෙනත් විකල්පයක් නොතිබුණාද යන්න ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය වැදගත් ප්‍රශ්නයක්. අප වැරදි මඟක ගමන් කරනවාද? IMF වෙත ගිය එක වැරදි ද?.. යන්න හඬ නඟන පිරිසකුත් දැකිය හැකියි.”

“එය අර්බුදයෙන් ගොඩආ හැකි එකම මඟ ද?. කියා ඔවුන් ප්‍රශ්න කරනවා. මම අගය කරනවා එලෙස මෙය යායුතු නියම මඟ නොවන බවට තර්ක කරන අය ගැන. එහෙත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස මා ඔවුන් දිරිගන්වනවා.”

“විවේචනය කිරීම පහසුවුවත්.. මෙය වේදනාකාරී වුවත් අපට ආර්ථිකය ප්‍රකෘතිමත් කර ස්ථාවර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පහසු කරුණක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මට විශ්වාසයක් පවතිනවා.”

“අප පැවැත්වූ සාකච්ඡාවලදී අපේ සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සාහාය දැක්වීමට කැමැත්ත පළකර තිබෙනවා. සෑම ණයහිමියෙක්ම පැහැදිලිව ප්‍රකාශ කළ කරුණක් තමයි ඔවුන් මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවනු දැකීම අපේක්ෂා නොකරන බව.”

“ඉදිරියේදී හෝ ණය හිමියන්ට ඔවුන්ගේ ණය නැවත අයකර ගැනීම සඳහා මෙරට ශක්තිමත් බැංකු පද්ධතියක් පැවැතිය යුතුයි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….